නගරයට ආ අඩි 12ක් දිග ආසියානු කහ පිඹුරා මෙල්ල කල පොලිස් මෙහෙයුම
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
07

නගරයට ආ අඩි 12ක් දිග ආසියානු කහ පිඹුරා මෙල්ල කල පොලිස් මෙහෙයුම

නගරයට ආ අඩි 12ක් දිග ආසියානු කහ පිඹුරා මෙල්ල කල පොලිස් මෙහෙයුම

එංගලන්තයේ බටහිර මිඩ්ලන්ඩ්ස් පොලිසිය වෙත  උදේ 1:30 ටලැබුණ අසාමාන්‍ය ඇමතුමකට අනුව  අඩි 12ක් දිග පිඹුරෙකු නගරයේ වීදියක ලිස්සා යන බව දන්වා තිබුනි.

 

ප්‍රතිචාර දැක්වූ බටහිර මිඩ්ලන්ඩ්ස් පොලිස් නිලධාරීන්  වෙස්ට් බ්‍රෝම්විච් හි හාවුඩ් වීදිය මැද අඩි 12 ක සර්පයා මෙල්ල කරන්නට ගිය බව පැවසේ.

 

"ආර්එස්පීසීඒ සගයන් සාමාන්‍යයෙන් මෙම තත්වය හසුරුවන්නට සමත් වන්නන් වන නමුත් පාන්දර නිසා ඔවුන්ට පැමිණීමට නොහැකි විය, එබැවින් අපගේ නිර්භීත නිලධාරීන් කිහිප දෙනෙක් මැදිහත්වී ප්‍රශ්නය විසඳා තිබුනා" පොලිසිය ඉන්ස්ටර්ග්‍රාම් පෝස්ට් එකක සඳහන් කර ඇත.

 

බුරුම පිඹුරන් වර්ගයක් ලෙස සැලකෙන කහ පිඹුරා මර්දනය කිරීමට නිලධාරීන් කිහිප දෙනෙකු එක්ව ක්‍රියා කරන අයුරු දැක්වෙන ඡායාරූපයක් පොලිසිය විසින් බෙදාගෙන ඇත.


"අපි සර්පයා ආරක්ෂිතව බේරාගෙන අපගේ වෑන් රථයට ඇතුළු කර ගත්තා. ලිස්සා යාමකින් තොරව සියල්ල නිවැරදිව සිදුවුණා" ඉන්පසු සර්පයා රාත්‍රියේ ප්‍රතිකාර සඳහා අසල පිහිටි පශු වෛද්‍ය රෝහලකට මාරු කරන ලදී."යනුවෙන් පෝස්ට් එකේ සඳහන් විය.සර්පයාගේ සම්භවය අපැහැදිලි නමුත් අග්නිදිග ආසියාවට ආවේණික බුරුම පිඹුරන් එංගලන්තයේ සුලභ සුරතල් සතුන් බව වැඩිදුරටත් විස්තර කර ඇත.

 

views

384 Views

Comments

arrow-up