දිනකට දසදහසක් හොයන යාචකයා කුඩුත් එක්ක මාට්ටු - දවසට 3000ක් ඉතුරුත් කරලා

මත්කුඩු මිලිග්‍රෑම් 120ක් සමග ගාල්ල, කළුවැල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් යාචකයකු දෛනිකව රුපියල් අටදහසක, දසදහසක ආදායමක් උපයන බවට ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීමේ දී අනාවරණය වී ඇති බැව් ගාල්ල පොලිසියේ දුෂණ මර්දන අංශය පවසයි.
මෙකී යාචකයා මත්කුඩු හා මත්පැන් පානයට ඇබ්බැහිවී සිටින හතළිස් දෙහැවිරිදිවියේ පසුවන අයෙකි.
ඔහු කළුවැල්ල දේශයේ දී මත්කුඩු පැකැට්ටුවක් සමග අත්අඩංගුවට ගනු ලැබීය. මොහු යුද හමුදාවේ සේවය කරමින් සිටියදී හදිසි අනතුරකට ලක්ව පාදයක් අහිමි වී ඇති අයෙකු බව පොලිසිය පවසයි.
මෙම යාචකයා දෛනික උපයන ආදායමෙන් රුපියල් තුන්දහසක මුදලක් බැංකු ගතකරන බවත් දිනපතා ත්‍රිරෝද රථයකින් ගොස් නීති විරෝධි මත්පැන්පානය කරන බව පොලිසිය විසින් මොහුගෙන් කරනු ලැබු ප්‍රශ්න කිරිමේ දී අනාවරණය වී ඇත.
මොහු මාතර ප්‍රදේශයෙන් විවාහ වී ඇති අතර දරු දෙදෙනාට නඩත්තුව සඳහා මාසිකව රුපියල් 10,000ක මුදලක් ලබාදෙන බවද විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මොහු ලක්ෂ 80ක මුදලකට ඉඩමක් මිලදී ගෙන ඇති බවද පොලිසිය පවසයි.
511 Views
Comments