“ඒක ඕනෙම කෙනෙකුගේ ජීවිතේ තියෙන ලොකු හීනයක්” - ජනප්‍රිය නිළි අනුරාධා මොකක් ගැනද මේ කියන්නෙ
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
06

“ඒක ඕනෙම කෙනෙකුගේ ජීවිතේ තියෙන ලොකු හීනයක්” - ජනප්‍රිය නිළි අනුරාධා මොකක් ගැනද මේ කියන්නෙ

“ඒක ඕනෙම කෙනෙකුගේ ජීවිතේ තියෙන ලොකු හීනයක්” - ජනප්‍රිය නිළි අනුරාධා  මොකක් ගැනද මේ කියන්නෙ

පුංචි තිරයෙන් නිතර ආලින්දයට ගොඩවෙන ජනප්‍රිය නිළි අනුරාධා එදිරිසිංහව රිදී තිරයෙන් දැකගන්න, ඈට ආදරේ කරන කවුරුත් බලාපොරොත්තුවෙන් පසුවන බව නොරහසක්.

 

මෑතකාලීනව වඩාත් කතාබහට ලක්වුණු අනුරාධා එදිරිසිංහ, සිය රංගනය දක්ෂතාව දිනෙන් දින ඔපමට්ටම් කරගන්නා තාරකාවක් කිව්වොත් හරි.

 

ඒ වගේම ඈ ලබන රසික ආදරයත් සුළුපටු එකක් නෙවෙයි.

 

ඉතින්, එවන් ජනප්‍රියත්වයක් ලබන සහ අපූරු දක්ෂතාවක් ඇති ඇයට සිනමාවට ආරාධනා ලැබිලා නැද්ද කියන ප්‍රශ්නය පහුගිය දවසක පුවත්පත් සාකච්ඡාවකදී කතාබහට ලක්වෙලා තිබුණා.

 

මේ, ඊට ඇය දුන්නු පිළිතුර....

 

''නැහැ. මට කවදාවත්ම චිත්‍රපටයකට ආරාධනා ලැබිලා නැහැ.

මෑත කාලේදිත් එහෙම කිසිම විදියක ආරාධනාවක් ඇවිල්ලත් නැහැ.

සිනමාව මගේ දෛවයේ ලියවිලා නැතුව ඇති කියලත් සමහර වෙලාවට මට හිතෙනවා.

හැබැයි එහෙම ලොකු අවුලකුත් නැහැ. එහෙම කිසිම දෙයක් ගැන ලොකුවට බලාපොරොත්තු තියාගෙන ඉන්නෙ නැහැ.

නමුත් සිනමා නිර්මාණයකට ආරාධනා ලැබුණොත් මම උපරිම සතුටු වෙනවා.

මොකද ඒක ඕනෙම කෙනෙකුගේ ජීවිතේ තියෙන ලොකු හීනයක්නේ...''

- මීවිත

views

1730 Views

Comments

arrow-up