කිසිදු රටකටත්, ගොඩබිමකටත් අයිතිවාසිකමක් නැති අපූරූ ජන කොට්ඨාසය (PHOTOS)

මේ කියන්න යන්නේ අපූරූ ජන කොට්ඨාසයක් ගැන.කතාවට නම් කියන්නේ නැව් වුණත් එයාලගේ ලඟින් යන්නේ නැහැ කියලා.
හැබැයි ඒ බයකට නම් නෙවෙයි.
ඒ ඔවුන්ගේ ජීවන රටාවට බාධාවක් නිසාලු.
ඔවුන් තමයි බජාවූ ගොත්‍රිකයන්.
මොවුන්ට මුහුද එක්ක මොන තරම් නම් බැඳීමක් තියෙනවාද කියනවා නම් මොවුන්ට සාමාන්‍ය මිනිසකුට වඩා වැඩි වේලාවක් මුහුද යට සිටීමේ හැකියාවක් තියෙනවාලු.
අපි හැමෝම ඒ ඒ ඉන්න රටට,සංස්කෘතියට අනුකූලව වෙනස් වෙනවා.
අපේ හැසිරීම්,සහ කතා බහ පවා වෙනස් වෙනවා.
ඒ වගේ තමයි මේ බජාවූ ජනතාවට මුහුදෙන් තොර ලෝකයක් නැහැ.
ඒ වගේම ඔවුන් කිසිදු රටකටත් අයිති නැතිලු.
මේ ජනතාවගේ ජීවිකාව වෙන්නෙ මසුන් ඇල්ලීම, මුතු කැඩීම වැනි දේවල්.
මේ හේතුව නිසාම ඔවුන්ගේ ජීවිතේ වැඩි කොටසක් ගතවෙන්නෙ මාළු බෝට්ටු තුලමයි.
ඉතා කුඩා අවධියේදීම බජාවු දරුවන් කිමිදීමට, පිහිනීමට සහ මාළු ඇල්ලීමට හුරුවෙනවා.
මේ දරුවන්ට වැඩිවෙලාවක් මුහුදේ කිමිදී සිටින්න වගේම මුහුද යටදී පැහැදිලිව දැකීමේ හැකියාවකුත් පවතිනවා.
නමුත් මේ ජනතාවගෙන් කිසිම කෙනෙකට ලිවීමේ හෝ කියවීමේ හැකියාවක් නොමැති බව පැවසෙනවා.
ඔවුන් දිනකට පැය පහක් දක්වා දිය යට ගත කරන අතර , අඩි 200කට වඩා ( මීටර් 70 ක් ) ගැඹුරට කිමිදෙමින් එක දිගට විනාඩි 13 ක් ඔවුන් දිය යට සිටිනවලු.
ඔවුන්ට කාලය හෝ වයස පිළිබඳ හැඟීමක් නැත, ප්‍රායෝගිකව දින දර්ශන, ඔරලෝසු හෝ උපන් දින නැහැ.
අභ්‍යන්තර අවයව හා භෞතික හැකියාවන් පරිණාමය වී ඇති නමුත් මේ ජන කොට්ඨාසය තමයි එහෙම ඉන්න පෘථිවියේ අවසාන ජන කොටස.
351 Views
Comments