“මචං මම දැන් උඹේ වයිෆ්ට කෝල් එකක් ගන්නම්” - ඔලුවට අත හෝදද්දි ඕනිම මනුස්සයෙක්ට ඉවසන්න අමාරුයි එහෙම වුණාම වෙන්නෙ මේ වගේ දේවල්

සාමාන්‍යයෙන් ඔලුව නවන්න නවන්න අත හෝදද්දි ඕනිම මනුස්සයෙක්ට ඉවසන්න අමාරු තැනක් එනවා.
ඒ වගේ තැන්වලදී ගන්න සමහර තීරණ නිසා ඔලුවට අත සෝදන මනුස්සයටත් විඳවන්න වෙන,ඉවසීමේ සීමාව පනින මනුස්සයටත් විඳවන්න වෙන අවස්ථා ගැන අපි අනන්තවත් අහලා ඇති.
මේ කියන්න යන්නේ අන්න ඒ වගේ කතාවක්.
ඔහු අවුරුදු 39ක ආබාධිත හමුදා සෙබලෙක්.ඔහු පළමු කසාදයෙන් දික්කසාද වෙලා බෝගස් වැව වෙහෙරතැන්න ප්‍රදේශයට පදිංචියට එනවා.
මෙහෙම ඇවිල්ලා කාලයක් යද්දි ඔහු පදිංචි වූ නිවස ඉදිරිපිට සිටින නිවසෙහි පුද්ගලයකු සමග මිත්‍ර වෙනවා.
ඒ මිතුදම ඉහල යනවා වගේම තවත් සම්බන්ධයක් ඇති වෙනවා.
ඒ ඔහුගේ බිරිඳ සමග.
ආබාධිත හමුදා සෙබලා සමග තම බිරිඳ අනියම් සබඳතාවයක් ඇති කරගත්තත් තමන් ප්‍රශ්නයක් කරගන්නේ නැහැ.
හමුදා සෙබලා සමග රණ්ඩු දබර කරගන්න යන්නේද නැති ඔහු මිතුදමට එය බාධාවක් කරගන්නේ නැහැ.
දවසක තම බිරිඳගේ අනියම් සැමියා සමග ගංජා රැගෙන ඒම සඳහා පිටත්ව යනවා.
ඒ රැගෙන එද්දී අසල තිබෙන වන ලැහැබකට රිංගගන්නේ ගෙන ආ බඩු ටිකෙන් බිඳක පදම බැලීමටත් එක්කයි.
ඒ අතරතුර බිරිඳගේ අනියම් සැමියා ඔහුට තම බිරිඳගේ වැරදි කියන්නට පටන් ගන්නවා.
"මචං මම දැන උඹේ වයිෆ්ට කෝල් එකක් ගන්නම්.
එයා තව කාත් එක්ක හරි ඉන්නවා ඇති.
බලහන්කො කෙඳිරි ගාන හැටි"
කියමින් ඔහුට ඉවසනු බැරි කතා කියන්නට පටන් ගනිද්දී ඉවසීමේ සීමාව පැනපු ඔහු ආබාධිත හමුදා සෙබලා,ඒ කියන්නේ තම බිරිඳගේ අනියම් සැමියාට පිහි පහරක් එල්ල කරනවා.
එහිදී මරණයට පත් වෙන ඔහුව එතැනම දමා එනවා.
පිහිපහර එල්ල කල පිහිය අඩි 12ක් පමන ජඹුර ලිඳකට දමන්නේ නීතියෙන් බේරෙන්නට බලාගෙන.
ඒත් ඔහු පදවිය පොලීසියේ අත්අඩංගුවට පත් වෙන අතරම පහර එල්ල කල පිහිය සොයා ගැනීමට ලිඳ හිස් කිරීමටද සිදු වී තිබුනා.
652 Views
Comments