යතුරුපැදිය ටිපර් රථයේ ගැටී 14 හැවිරිදි පාසල් සිසුවා මරු තුරුළට
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
27

යතුරුපැදිය ටිපර් රථයේ ගැටී 14 හැවිරිදි පාසල් සිසුවා මරු තුරුළට

යතුරුපැදිය ටිපර් රථයේ ගැටී 14 හැවිරිදි පාසල් සිසුවා මරු තුරුළට

යාපනයේ වඩමරච්චි කොට්ටාවත්ත ප්‍රදේශයේදී යතුරුපැදියක් ටිපර් රථයක ගැටීම නිසා යතුරුපැදියේ ගමන් කළ දාහතර හැවිරිදි පාසල් ශිෂ්‍යයෙකු එම ස්ථානයේදීම මියගොස් තවත් තරුණයෙකු තුවාල ලබා තිබේ. 

 

කොට්ටාවත්ත ගණපති හාල් මෝල අසල පිහිටි වංගුවේදී යතුරුපැදිය ටිපර් රථය සමග මුහුණට මුහුණ ගැටීම නිසා මෙම අනතුර සිදුව ඇති අතර අනතුරෙන් පසුව යතුරුපැදිය ගිනිගෙන විනාශ වී ගොස් තිබේ.

 

මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ කේ. සාහිත්‍යයන් නමැති පාසල් සිසුවකු වන අතර ඔහු පේදුරුතුඩුවේ පාසලක 9 වැනි වසරේ ඉගෙනුම ලබන අයෙකි.

 

අනතුරෙන් තුවාල ලැබූ 24 හැවිරිදි අනෙක් තරුණයා ඉතා අසාධ්‍ය මට්ටමේ පසුවන අතර ඔහු ප්‍රතිකාර සඳහා ඇතූළත් කොට ඇත්තේ යාපනය පේදුරුතුඩුව රෝහලටය.

 

අනතුර සිදුකළ ටිපර් රථයේ රියැදුරාව අත් අඩංගුවට ගත් පේදුරුතුඩුව පොලිසිය ඔහුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.

 

අනතුර සම්බන්ධයෙන් පේදුරුතුඩුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

views

405 Views

Comments

arrow-up