දුම්වැටි ඉල්ලන්න ඇවිත් ගුරුවරියගේ රන් මාලයට විද්ද කොල්ලකරුවන් මාට්ටු වූ හැටි

කොල්ලකෑම වැරදී ගොස් අනුරාධපුර නගරයේ පාසල් ගුරුවරියකගේ මාලයක රුපියල් 92000ක් වටිනා කොටසක් කඩාගෙන, පලාගිය සැකකරුවන් දෙදෙනකු එම කොල්ලකෑම සිදුවී පැය දෙකක් යෑමට මත්තෙන් කොල්ලකෑම සඳහා යොදාගත් යතුරුපැදිය සමග පෙරේදා (26 දා) අත්අඩංගුවට ගත් බව අනුරාධපුර පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අනුරාධපුර ජයසිරි මාවතේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙකු සහ විජයපුර භාතිය මාවතේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකි.
අනුරාධපුර ගුවන්තොටුපළ මාර්ගයේ වෙළෙඳ සැලක් පවත්වා ගෙන යන පැමිණිලිකාර ගුරුවරිය වෙළෙඳසැලේ සිටින අවස්ථාවේදී, දුම්වැටියක් ලබා ගැනීම සඳහා පැමිණි පුද්ගලයන් දෙදෙනෙකුහට, දුම් වැටි නොමැති බව පැවසූ අවස්ථාවේදී එක්වරම මාලයේ කොටසක් කඩාගෙන පලාගොස් ඇති බව පොලිසිය කියයි.
එම රන් මාලයේ කොටසක් බිම වැටී තිබියදි ගුරුවරියට හමුවී ඇති බවත් සොරකම් කරන ලද රන් මාල කොටසේ වටිනාකම, රුපියල් 92000ක් බවද පොලීසිය සඳහන් කළේය. පැමිණිල්ල ලැබීමත් සමග වහා ක්‍රියාත්මක වුණු පොලිසිය පැය දෙකක් යාමට මත්තෙන් සැකකරුවන් දෙදෙනා සහ කොල්ල කෑමට භාවිතා කළ යතුරු පැදියද සමග අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය සඳහන් කළේය.
176 Views
Comments