ප්‍රංශයේ හොඳම පාන් හදන්නා ලෙස සම්මාන ලබා ප්‍රංශ ජනපතිට පාන් සැපයීමේ කොන්ත්‍රාත්තුව දිනාගත් ශ්‍රී ලාංකිකයා
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
14

ප්‍රංශයේ හොඳම පාන් හදන්නා ලෙස සම්මාන ලබා ප්‍රංශ ජනපතිට පාන් සැපයීමේ කොන්ත්‍රාත්තුව දිනාගත් ශ්‍රී ලාංකිකයා

ප්‍රංශයේ හොඳම පාන් හදන්නා ලෙස සම්මාන ලබා ප්‍රංශ ජනපතිට පාන් සැපයීමේ කොන්ත්‍රාත්තුව දිනාගත් ශ්‍රී ලාංකිකයා

ප්‍රංශ සංස්කෘතික උරුමයක් සේ සැලකේන බෑ ගට් නැමැති ප්‍රංශ පාන් වර්ගය නිශ්පාදනය කරන ප්‍රංශයේ හොඳම බේකරි කරුවා ලෙස ශ්‍රී ලාංකිකයෙක් තේරී ඇත.

 

30 වැනි වරට පවත්වන ලද වාර්ෂිකි ‘Grand Prix de la Baguette de Traditional Francaise de la ලෙසින් නම් කර ඇති හොඳම බෑගට් නිශ්පාදනය කරන බේකරිකරුවා තේරීමේ මෙම තරගයෙන් ප්‍රථමස්ථානයට පැමිණෙමින් ප්‍රංශය පුරා ගෞරවයට ලක් වී ඇත්තේ තර්සාන් සෙල්වරාජා (37) නැමැති ශ්‍රී ලාංකිකයෙකි.

 

බෑගට් යනු යනු ප්‍රංශ සම්භවයක් ඇති දිගු තුනී පාන් වර්ගයකි. තුනී පිටි ගුලියකින් නිශ්පාදනය කරන බෑගට් නැමැති සම්ප්‍රදායි ප්‍රංශ පාන් වර්ගයේ දිග සහ මතුපිට ඇති ක්‍රිස්පි ස්වරූපය මගින් එය වෙන්කර හඳුනාගත හැකිය.

 

ප්‍රංශයේ ඉහළම බේකරි කරුවන් පරදවා පළමු තැනට පැමිණි තර්සාන් සෙල්වරාජා මීට දශකයකට පමණ පෙර ලංකාවේ සිට සිට ප්‍රංශයට සංක්‍රමණය වූ (37) හැවිරිදි අයෙකි.

 

මෙම ජයග්‍රහණයත් සමග ඔහුට යුරෝ 4000ක් සමග පුරා වසරක් ප්‍රංශ ජනාධිපතිවරයාට බැගට් සැපයීමේ කොන්ත්‍රාත්තුව ලැබී තිබිණි.


සෙල්වරාජාව තෝරා ගන්නේ 15 දෙනෙකුගෙන් යුත් ජූරි සභාවක් විසිනි. ඔහුගේ නිශ්පාදනය නොදන්නා පුද්ගලයින් 175 දෙනෙකු විසින් සෙල්වරාජාගේ ප්‍රංශ පාන් රස බලා ඇගයීමට ලක් කර තිබිණි.


හොඳම බෑගට් සෑදීමේ රහස කුමක්දැයි Ville De Paris24 සමඟ සම්මුඛ සාකච්ඡාවකදී සෙල්වරාජාගෙන් ප්‍රශ්න කළ විට, ඔහු පවසා තිබුණේ හොඳම පිටි සහ හොඳ වට්ටෝරුවක් පමණක් භාවිතා කරන බවයි.

 

“ මා ජයග්‍රහණය කළ විට මට ඇඬුනා, අපි විදේශිකයින් ලෙස ඇවිත් තමයි මේ සාම්ප්‍රදායික ප්‍රංශ පාන් හදන්න ඉගෙන ගත්තේ. මේක මගේ ජිවිතයේ සතුටුම දවසක්. මගේ පාන් රසයි නම් ඒකට හේතුවක් තියනවා. මම මේ පාන් හදලා තියෙන්නේ ආදරයෙන්. සෑම විටම සිනහවෙන්. හැම විටම සතුටින් ගායනා කරමින්” ඔහු AFP සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පැවසුවේය.

 


පිටි කිලෝග්‍රෑමයකට ලු‍ණු ග්‍රෑම් 18ක් අඩංගු ග්‍රෑම් 250ත් 300ත් අතර බරැති බෑගට් දෙකක් සෑම බේකරිකරුවෙකුටම ඉදිරිපත් කළ යුතු විය.

views

184 Views

Comments

arrow-up