“අක්කගෙ ලොකුම ආසාවක් තමයි අපි දෙන්නගෙ ප්‍රසංගයක් කරන එක” - ගිටාරයත් අරන් සිංදු කියන වෛද්‍ය ශිෂ්‍යාව හරිනි

සමාජ මාධ්‍යයේ නිතර එහා මෙහා යන ඔබට හරිනිගේ මුහුණ කිසිසේත්ම ආගන්තුක නැතුව ඇති. ගිටාරයත් අරන් ඈ ගයන ගැයුම් සැබවින්ම හිත් සුවපත් කරන බව රහසක් නෙවෙයි.
කැලණිය විශ්වවිද්‍යාලයේ, රාගම වෛද්‍ය පීඨයේ කථන හා ශ්‍රවණවේදය පාඨමාලාව හදාරන හරිනි වෛද්‍ය ශිෂ්‍යාවක්.
අධ්‍යාපන කටයුතු එක්ක සංගීතයෙනුත් සාර්ථක ගමනක් යන හරිනිට ඉන්නවා, ඉස්සරහට යන්න මඟ පෙන්වන සංගීතයත් එක්ක ආත්මීය බැඳීමක් ඇති සහෝදරියක්.
ඇය තමයි ''Violin Girl'' මැයෙන් ඔබ කවුරුත් හඳුනන මිතිනි දිසානායක.
341 Views
Comments