“මගේ අම්මයි මල්ලියි නංගියි ඊයෙ රෑ ඉඳන් මේ මොහොත වෙනකම්ම තාමත් මෙයාව හොයනවා” ආදරය කරන කෙනෙක් නැති වෙලා හොයන සුපිරි නළු හේමාල් (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
APR
25

“මගේ අම්මයි මල්ලියි නංගියි ඊයෙ රෑ ඉඳන් මේ මොහොත වෙනකම්ම තාමත් මෙයාව හොයනවා” ආදරය කරන කෙනෙක් නැති වෙලා හොයන සුපිරි නළු හේමාල් (PHOTOS)

“මගේ අම්මයි මල්ලියි නංගියි ඊයෙ රෑ ඉඳන් මේ මොහොත වෙනකම්ම තාමත් මෙයාව හොයනවා” ආදරය කරන කෙනෙක් නැති වෙලා හොයන සුපිරි නළු හේමාල්  (PHOTOS)

හේමාල් රණසිංහ ගැන ඔබට අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. දශක ගණනාවකට පසුව මෙරට සිනමාවට පායපු එකම සුපිරි තරුව ඔහුයි. 

 

මේ කියන්න යන්නේ ඔහුට වුණු පුංචි කරදරයක් ගැන.

 

හේමාල් සුරතල් සතුන්ට ගොඩක් ආදරෙයි කියලා ඔහුගේ ප්‍රේක්ෂක ඔබ නම් දැනටමත් දන්නවා ඇති. 

 

ඔහුගේ මාතලේ නිවසේ සිටි සුරතල් බල්ලෙක් අතුරුදහන් වෙලා තියෙනවා. මේ පිළිබඳව හේමාල් ඔහුගේ ෆේස්බුක් ගිණුමේ සටහනක් පළ කර ඔහු සොයා දෙන මෙන් ඉල්ලා සිටිනවා.

 

පහත දැක්වෙන්නේ හේමාල් පළ කළ සටහනයි.

 

"මේ ඉන්නෙ අපි ආදරයෙන් රැකබලාගන්න තවත් සුරතලෙක්. එයාගේ නම “බ්‍රෑඩි” එයාව අපට
සොයාදෙන්න...
අප්‍රේල් මාසේ 24 වනදා(ඒ කියන්නෙ ඊයෙ) රාත්‍රී 9ට විතර මේ සුරතල් සතා මාතලේ, විහාර
පාර අපේ නිවසෙන් එළියට නිදැල්ලේ පිටවෙලා ගිහින් තියෙනවා. මෙයාගෙ නම “බ්‍රෑඩි”, එයා අවුරුදු
2ක් පමණ ටෙරිය වර්ගයේ අහිංසක සතෙක්.. එයත් බොහොම නිදැල්ලේ ඇති කරපු සතෙක්. අපි එයාව
ගොඩාක් ආදරෙන් බලා ගත්තේ. මමගේ අම්මයි මල්ලියි නංගියි ඊයෙ රෑ ඉඳන් මේ මොහොත වෙනකම්ම
තාමත් මෙයාව හොයන්න පාරක් පාරක් ගානෙ ඇවිදිනවා. මම මේ වෙලාවෙ ඉන්නෙ මාතලෙන් පිට නිසා
මට එයාලත් එක්ක මෙයාව හොයන්න පුළුවන් එකම විදිය තමයි මේ. අපි හැමෝම ඉන්නෙ ඉතාමත්
කනගාටුවෙන්, දුකෙන්. 


“බ්‍රෑඩි” හමුවුනු කවුරුන් හෝ නැත්නම් හෝඩුවාවක් දන්න කෙනෙක් ඉන්නවානම් නම් කරුණාකර ඉක්මනින්
අපට කියන්න.."

 

views

371 Views

Comments

arrow-up