පුතා පාසලට දමා ආපසු නිවසට යමින් සිටි පියාට අවසන් ගමන් යන්න වූ හැටි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
15

පුතා පාසලට දමා ආපසු නිවසට යමින් සිටි පියාට අවසන් ගමන් යන්න වූ හැටි

පුතා පාසලට දමා ආපසු නිවසට යමින් සිටි පියාට අවසන් ගමන් යන්න වූ හැටි

සිය පුත්‍රයා පාසලට ඇරලවා කැබ් රථයකින් ආපසු නිවස බලා යමින් සිටි ගලපිටමඩ ප්‍රදේශයේ පදිංචි දුනුමාලේ සරත් නමැත්තා ඊයේ (14) උදේ 10.00 ට පමණ පාතාල කල්ලියක් විසින් ටී 56 අවියකින් වෙඩි තබා ඝාතනය කර පලාගොස් ඇත.

 

ගලපිටමඩ දුනුමාලේවත්ත අසල කැබ් රථය තුළදී මෙම ඝාතනය සිදුවී ඇති අතර ටී 56 උණ්ඩ 09 ක් එල්ල කර ඇති බව පොලිසිය පවසයි.

 

ඝාතනයට ලක්වූ දුනුමාලේ සරත් නමැත්තා 2015 වසරේදී ගම්පහ ලකී නමැත්තා කපා කොටා ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ පුද්ගලයෙකි.

 

නීති විරෝධී මත්පැන් ජාවාරම මෙන්ම නොයෙකුත් නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන මෙම පුද්ගලයා පොලිස් නිලධාරීන්ට පවා අභියෝග එල්ල කරමින් සිටින අයකු බව පොලිසිය පවසයි.

 

ඊයේ උදෑසන සිය 11 හැවිරිදි පුත්‍රයා ගලපිටමඩ ප්‍රදේශයේ පාසලකට ඇරලවා ආපසු සිය නිවස බලා එමින් සිටියදී මෙම වෙඩි ප්‍රහාරයට ලක්වී ඇත. මෙම ඝාතනය කවුරුන් විසින් සිදු කළේද යන්න මෙතෙක් අනාවරණය වී නැත.

 

ගලපිටමඩ දුනුමාලේවත්ත ප්‍රදේශයේ අතුරු මාර්ගයකදී මෙම ඝාතනය සිදුවී ඇති අතර ඝාතකයන් යතුරුපැදියකින් පැමිණෙමින් සිට ඇති බව පොලිසිය සැක පහළ කරයි.

views

320 Views

Comments

arrow-up