ඔෆිස් එකේ ලැප්ටොප් දෙකක් ඉස්සූ පිරිසිදු කරන්නියට වැඩ වැරදුණු හැටි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
04

ඔෆිස් එකේ ලැප්ටොප් දෙකක් ඉස්සූ පිරිසිදු කරන්නියට වැඩ වැරදුණු හැටි

ඔෆිස් එකේ ලැප්ටොප් දෙකක් ඉස්සූ පිරිසිදු කරන්නියට වැඩ වැරදුණු හැටි

ශ්‍රී ලංකා සංචාරක මානව සම්පත් හා පාලන කාර්යාංශයේ කාර්යාලයක තිබූ ලැප්ටොප් පරිගණක දෙකක් සොරාගත් පුද්ගලික සමාගමක පිරිසුදු කරන්නියක් අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය කියයි. සොරා ගෙන තිබූ ලැප්ටොප් පරිගණක දෙකද පොලිස් භාරයට ගෙන ඇත.

 


කොල්ලුපිටිය ගාලු පාරේ පිහිටි එම කාර්යාංශයේ අධ්‍යක්ෂවරිය සහ මානව සම්පත් පාලන අංශයේ කළමනාකාර සහකාරවරයාට රාජකාරි සඳහා නිකුත් කර තිබෙන පරිගණක දෙක මෙලෙස සොරා ගෙන තිබිණි.

 

ඉකුත් 26 වැනි දින රාජකාරී නිම වීමෙන් අනතුරුව මානව සම්පත් කළමනාකාර සහකාරවරයා ලැප්ටොප් පරිගණකය අධ්‍යක්ෂවරියගේ කාර්යාලය තුළ සුපුරුදු ලෙස තබා පිටව යාමෙන් අනතුරුව පසුදින 27 කාර්යාලයට පැමිණ සොයා බැලීමේදී ඔහුගේ ලැප්ටොප් පරිගණකය මෙන්ම අධ්‍යක්ෂවරිය පරිහරණය කරන ලැප්ටොප් පරිගණකය ද අස්ථානගතව ඇති බව දැන ගැනීමට ලැබීමෙන් අනතුරුව පොලිසිය වෙත පැමිණිලි කර තිබිණි.

 


ඒ සම්බන්ධයෙන් අදාළ නිලධාරීන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව අභ්‍යන්තරයෙහි සවිකර තිබෙන සී.සී.ටී.වී. කැමරා දර්ශන පරීක්ෂා කිරීමේදී සැකකාර පිරිසුදු කරන්නිය කැළිකසළ දමන කළු පාටට හුරු ඉටි බෑගයක පරිගණක දෙක දමාගෙන කාර්යාලයෙන් පිටතට රැගෙන යන අයුරු සටහන්ව තිබීමෙන් අනතුරුව ඇය අත්අඩංගුවට ගෙන කරන ලද ප්‍රශ්න කිරීමේදී සොරාගත් පරිගණක දෙක දෙමටගොඩ බේස්ලයින් පාරේ ඇයගේ දියණියගේ නිවසේ සඟවා තිබියදී සොයා ගත් බව පොලිසිය කියයි.

views

209 Views

Comments

arrow-up