දෑත ළයේ බැඳ අවසන් ගමනට සැරසුණු සංගීත් නිපුන් සනත් නන්දසිරි කලාකරුවාණන්ගේ අවසන් කටයුතු සිදුවන ආකාරය

සංගීත් නිපුන් සනත් නන්දසිරි කලාකරුවාණන් දිවි සැරිය නිමකළ පුවත ඔබ දැනටමත් දන්නා කරුණක්.
මෙරට කලාවට ඔහු කළ සේවය වචන කරන්න බැරි තරම්.
ඔහුට ආදරේ කරන කවුරුත් ඔහුගේ නිසල දේහයට අවසන් ගෞරව දැක්වීමට බලාපොරොත්තුවෙන් පසුවනවා ඇති.
එසේ නම් මේ සටහන ඔබ වෙනුවෙන්...
ඔහුගේ අවසන් කටයුතු සිදුවන ආකාරය පිළිබඳව දයාන් විතාරණයන් මෙලෙස සටහනක් තබා තිබුණා...
"සනත් අයියාගේ නිසල දේහය පිළිබඳ හෙට සිට මහජන ගෞරවය වෙනුවෙන්
..............................
අභාවප්‍රාප්ත අසහාය සංගීතවේදී, සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ කුලපති, මහාචාර්ය සංගීත් නිපුන්
සනත් නන්දසිරි සූරීන්ගේ නිසල දේහය හෙට දින (29) උදෑසන 08.30 සිට, සෙනසුරාදා උදෑසන
09.00 වනතුරු අංක 10B, පරණ කොට්ටාව පළමු පටුමග, ඇඹුල්දෙණිය යන ලිපිනය සඳහන් නිවසේ මහජන
ගෞරවය සඳහා තැන්පත් කෙරෙනු ඇත.
එළඹෙන සෙනසුරාදා දින උදෑසන 09න් පසු දේහය කොළඹ සෞන්දර්යය කලා විශ්ව විද්‍යාලය වෙත
රැගෙන යන අතර එහි උදෑසන 10.00 සිට දහවල් 12.00 වනතුරු අවසන් ගෞරවය සඳහා නිසල දේහය
තැන්පත් කොට ඉන් අනතුරුව දහවල් 12.30 සිට 02.00 දක්වා කොළඹ 07, බෞද්ධාලෝක මාවතේ ශ්‍රී
ලංකා ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රයේ දී නිසල දේහය මහජන ගෞරවය වෙනුවෙන් තැන්පත් කෙරේ.
ඉනික්බිතිව එදින ම සවස් යාමයේ අවමංගල්‍යය පෙරහැර බොරැල්ල පොදු සුසාන භූමිය වෙත පැමිණීමෙන්
අනතුරුව එහිදී රාජ්‍ය ගෞරව සහිතව සිදුවන අවමගුල් උත්සවයෙන් පසු සවස 03.00ට දේහය පිළිබඳ
අවසන් කටයුතු සිදුකෙරෙන බව අවමංගල සංවිධාන කමිටුව සහ පවුලේ ඥාතීන් වෙනුවෙන් අප හිතවත්
නිරංජලා සරෝජිණි අක්කා දන්වා සිටී !!!
70 Views
Comments