“හරිම වෙලාව ආවාම තමයි එයාව පෙන්නන්නේ” - ශලනි තාරකා පෙම්වතා ගැන කිව්ව කතාව

ජනප්‍රිය ඒ වගේම දක්ෂ රංගන ශිල්පිනියක් වෙන ශලනි තාරකා ගැන පසුගිය දිනවල හැමෝම කතා කරන්න ගත්තේ ඇය විවාහ වෙන්න යනවා කියන ආරංචියත් එක්කමයි.
ඇය ඉතාම ඉක්මනින් විවාහ වෙන්නට සූදානම් වෙන බවට ආරංචි දස අත පැතිරෙද්දි තවමත් ඇය පෙම්වතාගේ ඡායාරූප පළ නොකරන්නේ මන්දැයි ඇසූ පැනයකට මෙසේ පිළිතුරු දී තිබුණා.
“මම තවම එයාගේ ෆොටෝස් පෙන්නන්නේ නැහැ, එහෙම නොපෙන්නපු ෆොටෝස් ගොසිප්වල දානවා. ඒත් මම හරියටම ඒ කවුද කියලා නැහැ. හරිම වෙලාව ආවාම තමයි මම ඒක කියන්නේ. ඒ හින්දා තමයි මට අවුරුදු ගාණක් ඒ ආදරේ පරිස්සම් කරගන්න පුළුවන් වුණේ. මගේ පෞද්ගලිකත්වය ඒ විදිහට පරිස්සම් විය යුතුයි.”
83 Views
Comments