“මොනවා වුණාද කියා හිතා ගන්න බෑ” - තිස්ස අත්තනායක රිය අනතුරක

පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා ගමන් ගත් සුඛෝපභෝගී ජීප් රථය සහ තවත් මෝටර් රථයක් කොළඹ ජාවත්ත මාර්ගයේ සළුසල අසලදී එකිනෙක ගැටී සිදු වූ අනතුරකින් මන්ත්‍රීවරයා ඇතුළු තිදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
අනෙක් රථයේ සිටි දෙදෙනා තුවාල ලබා නාරාහේන්පිට පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති බවත්, මන්ත්‍රීවරයා සුළු තුවාල ලැබීම හේතුවෙන් ප්‍රතිකාර ලබා නිවසට ගොස් ඇති බවත් පොලිසිය කියයි.
අනතුරින් රථ දෙකටම දැඩි ලෙස හානි සිදුවී ඇතැයි ද පොලිසිය පවසයි.
අනතුර ගැන විස්තර කළ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා මෙසේ පැවැසීය.
“මේ අනතුර 17 වැනිදා රාත්‍රී 10.00 ට විතර වුණේ. මම කළුබෝවිල සරණංකර පාරේ රට යන්න හිටිය යාළුවකුට සුබ පතන්න ගියා. මගේ ජීප් එකෙන් ගියේ. මායි, රියදුරුයි විතරයි ගියේ. ඒ ගිහින් ජාවත්ත හරහා ගෙදරට යනකොට ඉදිරියෙන් ආපු කාර් එකක් අපේ ජීප් එකේ මුහුණට මුහුණ හැපුණා. මගේ ඔළුව වැදුණා. සුළු තුවාල නිසා ප්‍රතිකාර අරන් ගෙදර ආවා. තාම ඔළුව රිදෙනවා. හිතාගන්න බැහැ මොකක්ද වුණේ කියලා…”
මේ පිළිබඳව නාරාහේන්පිට පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
305 Views
Comments