විරාට් කෝලි සහ අනුෂ්කා රට අතහැර, ලන්ඩනයේ පදිංචියට - පවුල පිටින්ම ඉන්දියාව හැර යයි ??

'විරාත් කෝලි රට හැර යන' බවට පැතිරෙන කතාව, මේ වෙද්දි කාගෙත් කුතුහලයට තුඩුදුන් කාරණාවක් බවට පත්වෙලා.
එහෙම පැතිරෙන කතාවට අනුව කියවෙන්නේ කෝලි - අනුෂ්කා යුවළ දියණිය වාමිකා සහ අලුත උපන් පුතු අකායි එක්ක, ඉන්දියාව අතැර බ්‍රිතාන්‍යයේ පදිංචියට ගිය බවක්.
ඒ කතාවේ සම්පූර්ණ සත්‍ය අසත්‍යතාවය කවරාකාර වුණත් කෝලි - අනුෂ්කා යුවළ මෑත කාලීනව ලන්ඩනයේ කාලය ගත කරන බවට වූ බොහෝ වීඩියෝපට නම් අන්තර්ජාලයේ හුවමාරු වෙන්න ගත්තා.
කොහොම නමුත් අනුෂ්කා දරුවො දෙන්නත් එක්ක මාස කිහිපයක සිටම වෙසෙන්නේ ලන්ඩනයේ.
ඇය සිය දෙවැනි දරු ප්‍රසූතියට තෝරාගෙන තිබුණෙත් ලන්ඩන් නුවර.
ලෝක කුසලාන ජයග්‍රහණයෙන් පස්සෙ, කෝලි ද සිය පවුල හොයාගෙන ලන්ඩන් බලා පියාසර කළ බව මේ වෙද්දි කවුරුත් දන්නා කාරණාවක්.
මෙයාකාරයෙන් කෝලි - අනුෂ්කා දෙන්නත් එක්ක කාලයක් තිස්සේ විදෙස්ගතව සිටීම, කාටත් ප්‍රශ්නයක්ව ඇති හැඩයි.
ඒ, 'කෝලි ඉන්දියාව අතැර යාවිද ?' යන ප්‍රශ්නාර්ථයත් එක්ක.
මේ ගැන ඇතැමෙක්ගේ මතය වෙලා තියෙන්නෙ, කෝලි දිගු විවේකයක් ලබාගැනීමටත් දරුවොත් එක්ක කාලය ගෙවන්නත් ලන්ඩන් තෝරාගෙන ඇති බවක්.
ඒ, කෙටි කාලීන නවාතැනක් හැටියට.
නමුත් බහුතරයකගේ අදහස නම් කෝලි - අනුෂ්කා සිය ජීවිතයේ ඉතිරි කාලය ගෙවන්න, දරුවන්ගෙ අනාගතය ගැන හිතලා ලන්ඩන් තෝරාගෙන ඇති බවක්.
261 Views
Comments