මාමණ්ඩීට රෑ ජාමේ බිරිඳ ලේලි පටලැවී අලි ජංජාලයක් - ලේලිය අවසානයේ කලදේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
31

මාමණ්ඩීට රෑ ජාමේ බිරිඳ ලේලි පටලැවී අලි ජංජාලයක් - ලේලිය අවසානයේ කලදේ

මාමණ්ඩීට රෑ ජාමේ බිරිඳ ලේලි පටලැවී අලි ජංජාලයක් - ලේලිය අවසානයේ කලදේ

අලුත විවාහ වූ ඔහු කුරුණෑගල පැත්තේ තරුණයෙකි. රැකියාව කරන්නෙ යුද හමුදාවේය. නැගෙනහිර පළාතේ සේවය කරන නිසා නිතරම එන්න ලැබුනේ නැත. බිරිද තනිකොට (දෙමව්පියන්ට බාරදී) රට රැකීමට යාමට සිදුවුණි. තම ලේලිය හොදින් බලාගත් දෙමහල්ලන් ඇයට වෙනස්කම් කළේ නැත. එමෙන්ම නැන්දා ලේලී අරගලයක්ද නොවීය.

 

පියාගේ රැකියාව හේන් ගොවිතැන වූ අතර මව ගෘහණියක වූවාය. ලේලිය ඇඟලුම්හලක රැකියාවකය. නැන්දණිය ලේලියට ඉමහත් ආදරයක් දැක්වූවා මෙන්ම දෙදෙනා නිදා ගත්තේ බිම පැදුරු එලාගෙන එක ළඟය. මාමණ්ඩිය වෙනට කාමරයක නිදා ගත්තේය. මේ පවුලේ සමගිය කාටත් රහසක් නොවූ අතර ගමට ආදරිශයක් විය. සෙබළ පුතා පැමිණෙන්නේ තුන් මසකට වරකි.

 

අඩුපාඩු අගහිඟකම් නොවීමට ඔහු වගබලාගත්තේය. තමා ළඟ නොසිටියත් බිරිදට අඩුපාඩු කළෙත්  නැත.



මෙසේ කල්ගතවන විට දිනක් රාත්‍රියේ නින්දෙන් අවදි වූ ගෘහ මූලිකයා යාන්තම් එළිය ඇති කුප්පි ලාම්පු එළිය දිගේ පැමිණියේ දෙදෙනා නිදන කාමරයටයි. මොකද ඩිංගිරි මැණිකො උබ ඔලුවෙ ඉදන් පොරවගෙන කවදාවත් නැතුව? නැගිටපන් බං. “එසේ කියමින් චිත්තයෙන් අදින්නට වූ අතර “මෙන්න හොරෙක් අම්මේ තාත්තේ” යැයි කියමින් ඛෙරිහන් දුන්නේ ලේලියයි. එළිපහළියට ගොස් සිටි නැන්දණිය දිවගෙන ආවේ බියෙන් ගැහෙමිණි. මේ අතර වැඩේ වැරදුන බව දැනගත් මාමණ්ඩිය තම කාමරයට පැන ගත්තේ  දෙවියන් බුදුන් සිහි කරමිනි.



“අනේ අම්මේ කවුද මිනිහෙක් මොනවද කිය කියා මගේ චීත්තෙන් ඇද්දනේ. මගෙ පපුව තවමත් ගැහෙනව." නැන්දණිය බදාගත් ඇය අඬන්නට වූයේ බියෙන් තැතිගෙනය. කාරණය වටහාගත් නැන්දණිය “උඹ නිදාගනින් දුවේ බය නැතුව. හීනයක් වෙන්න ඇති. බිය නැති කිරීමට පැවසුවත් ලේලිය පිළිගත්තේ නැත.

 


“ඩිංගිරි මැණිකො නැගිටපන් කියනවත් ඇහුණ අම්මේ. හීනයක් නම් වෙන්න  බෑ"


“උඹ කලබල  නැතුව පන්සිල් අරගෙන නිදා ගනින්, මමත් ළඟ ඉන්නවනෙ.පසුදා උදේ පිබිදුණ නැන්දණිය සැමියාට දෙස්  දෙවොල් නියන්නට වූවාය. ඉන්පසුව කිසිම දිනක ඔහු ඒ කාමරයට රිංගුවේ නැත. සාමය සමගිය තවදුරටත් ගෙන යාමට හැකිවූයේ අනූනවයෙන් බේරුණ නිසයි. සිද්ධිය පුතාට රහසක් ලෙස තබාගැනීමට ඇය සමත් වුනත් ලේලිය ගම පුරාම ගිනි තියන්නට වූවාය. ඉන්පසුව පියාගේ හැටි කවුරුත් දැනගත් අතර ඔහු දෙස බැලුවේ සමච්චලයටය. කිරිකළයට ගොම ටිකක් දැම්ම වගේ වැඩක් තමයි සිදුවුණේ නැන්දණිය කීවාය.

views

338 Views

Comments

arrow-up