“කෝ? අත් දෙක, මොනාද ඒවට කළේ ?” - රටක් භීතියට පත්කරමින්, පුද්ගලයෙකුගේ දෙඅත් රැගෙන ගිය පාපතරයා එහෙම කරපු ඇත්තම හේතුව එළියට
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
25

“කෝ? අත් දෙක, මොනාද ඒවට කළේ ?” - රටක් භීතියට පත්කරමින්, පුද්ගලයෙකුගේ දෙඅත් රැගෙන ගිය පාපතරයා එහෙම කරපු ඇත්තම හේතුව එළියට

“කෝ? අත් දෙක, මොනාද ඒවට කළේ ?” - රටක් භීතියට පත්කරමින්, පුද්ගලයෙකුගේ දෙඅත් රැගෙන ගිය පාපතරයා එහෙම කරපු ඇත්තම හේතුව එළියට

මොරටුව -කොරළවැල්ල ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකුගේ මැණික්කටුව ආසන්නයෙන් දෑත් කපා රැගෙන පලාගිය සැකකරු පැය 48 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා අධිකරණය අවසර ලබාදී තිබෙනවා.

 

ඒ සැකකරු අද මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වීමෙන් අනතුරුවයි. සැකකරු නීතීඥයෙකු සමඟ පැමිණ අද උදෑසන මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට භාරවී තිබුණා.

 

40 හැවිරිදි අදාළ සැකකරු ගල්කිස්ස විශේෂ අපරාධ විමර්ශන ඒකකයට ලබා දෙන ලෙස ඉල්ලීමක් කළත් , අධිකරණයට භාරවූ පුද්ගලයෙක නැවත පොලිසියට භාර දීමේ හැකියාවක් නොමැති බවයි මොරටුව මහේස්ත්‍රාත් තරංගමාල් උද්දාල සුවන්දුරුගොඩ එහිදී ප්‍රකාශ කර ඇත්තේ.

 

පසුව සැකකරු විසින් කපා ඉවත් කළ දෑත් සහ ඊට භාවිත කළ තියුණු ආයුධය සොයා ගැනීමට අවශ්‍ය ඉදිරි විමර්ශන සඳහා පැය 48ක් ඔහු රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙස මොරටුව පොලිසිය සහ ගල්කිස්ස විශේෂ අපරාධ විමර්ශන ඒකකය ඉල්ලීමක් කර තිබෙනවා.

 

එහිදී මහේස්ත්‍රාත්වරයා සඳහන් කර ඇත්තේ, තමා වුවද විමර්ශන නිලධාරියෙකු නම් පළමුව සිදුකරන්නේ සැකකරුගෙන් ප්‍රථමයෙන් අදාළ දෑත් සම්බන්ධයෙන් ප්‍රශ්න කරන බවයි.

 

එම නිසා නිසි විමර්ශනයකින් අනතුරුව මෙම පුද්ගලයාට දඬුවම් ලබා දෙන බව ද මොරටුව මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කර තිබෙනවා.

 

අසල්වැසියෙකු වූ මෙම සැකකරුගේ පහරදීමෙන් දෑත් අහිමි වූ පුද්ගලයා මේ වනවිටත් පානදුර රෝහලේ ප්‍රතිකාර ලබනවා.

views

307 Views

Comments

arrow-up