“මාව හොයන්න මේ මහ වැස්සෙ ආවෙ ඇයි රත්තරනේ” - සැඩ පහරට හසුවී අතුරුදන් වුණු අයියා සහ නංගීගේ ශෝකාන්තය
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
25

“මාව හොයන්න මේ මහ වැස්සෙ ආවෙ ඇයි රත්තරනේ” - සැඩ පහරට හසුවී අතුරුදන් වුණු අයියා සහ නංගීගේ ශෝකාන්තය

“මාව හොයන්න මේ මහ වැස්සෙ ආවෙ ඇයි රත්තරනේ” - සැඩ පහරට හසුවී අතුරුදන් වුණු අයියා සහ නංගීගේ ශෝකාන්තය

හාළිඇල, බෝගොඩ ග්‍රාම නිලධාරි වසමේ දොඩම්ගොල්ල ගමේ එකම පවුලේ දරුවන් දෙදෙනකු පෙරේදා (23) පස්වරුවේ දොඩම්ගොල්ලකඳුරේ සැඩ පහරට වැටී ගසාගෙන ගොස් අතුරුදන්වී සිටියදී සෙවීමේ කටයුතුවල නිරත පිරිසට හත් හැවිරිදි දැරිය හමුවී ඇත.

 

එම මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා බදුල්ල ඌව පළාත් මහ රෝහල වෙත යැවීමට හාළිඇල පොලිසිය කටයුතු කර තිබේ.

 

අතුරුදන්ව සිටින අනෙක් දරුවා සොයා ගැනීම සඳහා හාළිඇල, බදුල්ල සහ ගලඋඩ පොලිසිවලින් පැමිණි කණ්ඩායම් පෙරේදා සවස් කාලයේ සිට සෙවීමේ කටයුතුවල නිරතව සිටියහ.

 

එම දරුවාගේ මළසිරුර ඇළ පාරේ කිලෝමීටර් හතරක් දුර ගසාගෙන ගොස් සිටියදී ඊයේ හමුවී ඇත. මෙම අවාසනාවන්ත සිද්ධියට මුහුණ දී සිටින්නේ හාළිඇල, බෝගොඩ, බොලුවේගෙදර යන ලිපිනයේ පදිංචි බී. පී. ජයසූරිය සහ මල්ලිකා කුමාරි යන දෙපළගේ බෝගොඩ මහා විද්‍යාලයේ 5 වසර ඉගෙනුම ලබමින් සිටි දස හැවිරිදි බී. පී. යසිඳු උමේෂ සත්සර දරුවා සහ 2 වසර ඉගෙනුම ලබමින් සිටි හත් හැවිරිදි බී. පී. ඩස්මිනි දිනිකා යන දරුවාය.

 

පියා වන බී. පී. ජයසූරිය යන අය කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරතව සිටින අතර දරුවන් මව සමග නිවසේ වාසය කර තිබේ.සිද්ධිය වූ පෙරේදා මෙම ගම් ප්‍රදේශයට ධාරාණිපාත වර්ෂාවක් ඇද වැටී මොවුන්ගේ නිවස අසලින් ගලන දොඩම්ගොල්ලකඳුරේ ජල පහර වැඩි වී ඇත.

 

දරුවන්ගේ මව මේ වනවිට නිවසින් බැහැරව ගොස් සිටි හෙයින් දරුවන් ඇය සොයා යෑමේදී සැඩ පහරට හසුවී ගසා යන්නට ඇතැයි විශ්වාස කරයි.

 

ඔවුන් රැගෙන ගිය රෙදි කඩක් සහ කුඩයක් සෙවීමේ කටයුතු වල යෙදී සිටින පිරිසට හමු වී තිබේ. හාළිඇල පොලිසියේ ස්ථානාධිපති පො.ප. රුවන් ගුණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් අතුරුදන් පිරිමි දරුවා සෙවීමේ කටයුතු තවදුරටත් සිදුවෙමින් පවතී.

views

306 Views

Comments

arrow-up