යුග යුග ගැයුණු “දන්නෝ බුදුන්ගේ”‍ ගීතය ගැන ගත් හදිසි තීරණය මෙන්න
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
16

යුග යුග ගැයුණු “දන්නෝ බුදුන්ගේ”‍ ගීතය ගැන ගත් හදිසි තීරණය මෙන්න

යුග යුග ගැයුණු “දන්නෝ බුදුන්ගේ”‍ ගීතය ගැන ගත් හදිසි තීරණය මෙන්න

දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා ගීතය ජාතික උරුමයක් බවට පත්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

 

1903 වර්ෂයේ දී ජෝන් ද සිල්වා ශූරින් විසින් රචනා කර ඇති විශ්වනාත් ලව්ජි මහතා විසින් තනු නිර්මාණය කර තිබෙන සිරිසඟබෝ නාට්‍යයේ ඇතුළත් මෙම ගීතය ජාතික උරුමයක් ලෙස නම් කිරීම යෝග්‍ය බවට හඳුනාගෙන මෙම තීරණය ගෙන තිබෙනවා.

 

මෙරට ජාතික ගීය භාවිතයට ගැනෙන තුරු උත්සව හා වෙනත් අවස්ථාවලදී එම ගීතය ජාතික ගීතය හා සමානව භාවිතයට ගත් බවට සාක්ෂි ඇති බව ද අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසන්නේ.

 

ඒ සියලු හේතුන් සැලකිල්ලට ගනිමින් දන්නෝ බුදුන්ගේ ගීතය ජාතික උරුමයක් ලෙස නම් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බවයි වාර්තා වන්නේ..

views

281 Views

Comments

arrow-up