මධුසමයත් පැත්තකට දමා ඕටී කරන්න ගිහින්... - රාජකාරිය දේවකාරියටත් වඩා ලොකු කරගත් මනාලයෙක් ගැන ඇහෙන පුදුම හිතෙන කතාව

මධුසමයට ගිය මනාලිය හෝටලයේ තනිකර දමා රාජකාරි ස්ථානයේ අතිකාල සේවය සඳහා ගිය මනාලයකු පිළිබඳ පුවතක් මිණිකැට පිරුණු පුරවරයකින් අසන්නට ලැබිණි.
කලක පටන් පැවති පෙම් සබඳතාවයක් මත සිදු වූ මංගල්‍යයකි. සතියේ සුබ දිනයක සුබ නැකතින් මංගල්‍යයේ කටයුතු සිදු කෙරුණි. සති අන්තයත් සමඟ තුන් දිනක් මේ යුවළ මධුසමය සඳහා දින වෙන් කර තිබිණි.
මංගල දාට පසු දින උදේ මනාලයාට දුරකතන ඇමතුමක් ලැබිණි. එයින් කියවුණේ එදින ඔහුගේ රාජකාරී ස්ථානයේ අතිකාල සේවයට නිලධාරියෙකුගේ අඩුවක් ඇති බව ය.
එය ඇසූ වහාම හිසේ මලක් පිපුණු මනාලයා මනාලියට චාටු බස් කියා ඉක්මනින් හැඳ පැළඳගෙන අතිකාල රාජකාරී සඳහා පිටත්ව ගියේ ය.
සැන්දෑවේ ඔහු ආපසු එනතුරු මනාලිය හෝටලයේ කාමරයට වී හුදෙකලාවේ කුසගින්නේ කල් ගත කළා ය.
දෙවෙනි ගමන යෙදුණු දවසේ මනාලිය සිය යෙහෙළියකට මේ බව හෙළි කිරීමෙන් පසු මනාලයා ගේ මධුසමයේ අතිකාල සේවය පිළිබඳ කතා පුවත කටින් කට යාම හේතුවෙන් අතිකාල මනාලයා යයි නමක් පට බැඳී ඇතැයි ද දැන ගන්නට ලැබිණි.
247 Views
Comments