මුදලක් නිසා ඛේදාන්තයකින් අවසන් වුණු සහෝදර පෙම

මුදල් ආරවුලක් මත සහෝදරයින් දෙදෙනෙකු අතර ඇතිවූ බහින් බස්වීමක් දුරදිග යාම හේතුවෙන් වැඩිමහල් සහෝදරයා විසින් බාල සහෝදරයාට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ.
එම සිදුවීම වාර්තා වී තිබුණේ ජාඇළ පොලිස් වසමේ ඒකල ශාන්ත මැතිව් මාවත ප්‍රදේශයෙනි.
එලෙස මියගොස් ඇත්තේ ශාන්ත මැතිව් මාවත, ඒකල ප්‍රදේශයේ පදිංචිව සිටි 24 හැවිරිදි තරුණයෙකි
සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ඒකල ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකි.
මෘත ශරීරය රාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර ජාඇළ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
158 Views
Comments