මුහුදේ පාවෙමින් තිබියදී සොයාගත් දෙයක් ගැන ඇහෙන අදහාගත නොහැකි ඇස් උඩ යන පුවත...
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
30

මුහුදේ පාවෙමින් තිබියදී සොයාගත් දෙයක් ගැන ඇහෙන අදහාගත නොහැකි ඇස් උඩ යන පුවත...

මුහුදේ පාවෙමින් තිබියදී සොයාගත් දෙයක් ගැන ඇහෙන අදහාගත නොහැකි ඇස් උඩ යන පුවත...

සාමාන්‍යෙන් මුහුදෙන් හමුවෙන දෙයක් ගැන නම් නෙමෙයි කියන්න යන්නේ ....

 


රුපියල් කෝටි පහක් පමණ වටිනා කේරළ ගංජා කිලෝග්‍රෑම් 150ක ප්‍රමාණයක් තලෙයිමන්නාරම මුහුදේ පාවෙමින් තිබියදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තලෙයිමන්නාරම පොලීසිය වෙත බාර දී තිබෙනවා.



මෙම කේරළ ගංජා තොගය පාර්සල් 46ක අසුරා තිබූ අතර ඒවායෙහි අයිතිකරුවන් සොයා ගැනීමට නොහැකි වී ඇති බව සඳහන්.



නාවික හමුදාව පවසන්නේ ඉන්දියාවේ සිට බෝට්ටුවකින් රැගෙන එන ලද මෙම කේරළ ගංජා තොගය නාවික හමුදාවේ යාත්‍ර දැක ඒවායෙහි අයිතිකරුවන් විසින්
මුහුදට විසි කරන්නට ඇති බවයි.



තලෛයිමන්නාරම වැලිපර 1 සහ 2 අතර මුහුදු ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම කේරළ ගංජා තොගය හමු වී තිබෙනවා.

views

190 Views

Comments

arrow-up