ආචාර්ය ගුනේන්ද්‍ර ගයන්තට සහ බිරිඳට මරු කැඳවූ අනතුරේ රියදුරා ගැන ඇහෙන කතාව මෙන්න
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
30

ආචාර්ය ගුනේන්ද්‍ර ගයන්තට සහ බිරිඳට මරු කැඳවූ අනතුරේ රියදුරා ගැන ඇහෙන කතාව මෙන්න

ආචාර්ය ගුනේන්ද්‍ර ගයන්තට සහ බිරිඳට මරු කැඳවූ අනතුරේ රියදුරා ගැන ඇහෙන කතාව මෙන්න

කැලණිය විශ්ව විද්‍යාලයේ ආචාර්ය ගුණේන්ද්‍ර ගයන්ත ඔහුගේ බිරිය සතීෂා නිලන්ති සහ සතිෂාගේ මළනුවන් රවිඳු තීක්ෂණ මියගිය අධිවේගී අනතුර සම්බන්ධයෙන් පසුගිය දිනවල විශාල කථාබහක් ඇති විය.

 


මෙම අනතුර සම්බන්ධයෙන් ඇතැමුන් පළ කළ අදහස් පරස්පර වූ අතර ගමන් කළ වෑන් රථය හා එය පැදවූ අය ගැන විවිධ අදහස් පළ විය. අනතුර සිදුවන අවස්ථාව 160 kmph වේගයක් පවත්වා යාම ගැනද අදහස් පළවිය.

 


ඇතැමුන් පැවසූයේ වාහනය පැදවූයේ මියගිය මළනුවන් බවය.

 


වාහනය කුලියට ලබාගත් වෑන් රථයක් බව කියැවී තිබුණ නමුත් පැදවූ අයට කුමක් වූයේද යන්න වැඩි විස්තර පළ නොවීම මෙම සැකයට හේතුවිය.

සතීෂාගේ බාල සොහොයුරා මෙම රථය පදවා නැත. ඔහු ඩුබායි සිට ලංකාවට පැමිණ තිබුනේ ටික දිනකට පෙරයි. සතී­ෂාගේ පියා මිය ගොස් වසරක් පිරෙන තැන සූදනෙම් කරන දානමය පුණ්‍යකර්මයට එක්වීමට ඩුබායි සිට ඔහු පැමිණ තිබූ නිසා ඔහුවත් මෙම පවුලේ සංචාරයට එක්කරගෙන තිබුණි.

 


තහවුරු කරගත් ආරංචි අනුව මෙම ගමනට සතිෂාගේ සොහොයුරාත්, සතීෂාගේ මවත්, නිවෙසේ උදවුවට සිටින තරුණියකත්, දරු පැටවුන් තුන් දෙනාත් සමඟ ගුණේන්ද්‍ර යුවළ සහ රියදුරු එක්ව තිබූ අතර සංඛ්‍යාව සැලකීමේදී 9 ක් ගමන් කර තිබුණි.

 

යාපනය ප්‍රදේශයේ සංචාරයටපිරිස පිටත් වූයේ 14 වැනි සිකුරාදාය.
මේ මාරක අනතුර සිදු වන්නේ සංචාරයෙන් අනතුරුව නිවෙස බලා පැමිණෙද්දීය. පසුගිය 18 වැනිදා රාත්‍රියේ මධ්‍යම අධිවේගී මාර්ගයේ 48.5R කණුව අසල එනම් අධිවේගී මාර්ගයේ මීරිගමට කිලෝ මීටර පහක් නුදුරිනි.

 

සංචාරය සඳහා යොදාගෙන තිබුණේ කුලී පදනම මත රියැදුරු ද සමඟ ලබාගත් වාහනයකි. 160kmph ක අධික වේගයෙන් ධාවනය වූ වාහනය ඉදිරියෙන් ගිය ලොරි රථයක පසුපස ගැටුණ පසු දිස්වනුයේ යකඩ ගොඩක් මෙනි. අවසන් මිලි තත්පරයේදී වාහනය වදින්නේ රියදුරුගේ පැත්තේ නොව අනෙක් පැත්තේය. බොහෝ විට අනතුරකදී වැදෙන්නට යාම බේරාගන්නට බැරිනම් තමන් බේරාගෙන අවම හානිය වෙනුවෙන් රියදුරන් සුක්කානම හසුරුවයි. මෙතැනදී සිදුව ඇත්තේද එයයි.

 


රියැදුරාගේ ජීවිතය බේරාගෙන තිබූ අතර ඉදිරිපස අසුනේ ගමන් ගත්තේ සතීෂාගේ සොහොයුරාය, රියදුරුට පසුපස දෙවැනි අසුනේ ගමන් කරමින් සිටියේ ආචාර්ය ගුණේන්ද්‍ර සහ සතීෂාය.

 

දරුවන් මිත්තණිය හා මෙහෙකාරිය ඊට පසුපසිනි

 

ආචාර්ය ගුණේන්ද්‍ර සිද්ධිය වූ ස්ථානයේදීම මියගොස් තිබිණි. දරු තිදෙනාත් සතීෂාගේ මවත් නිවෙසේ උදවුවට සිටි තරුණියත් රියදුරාත් සුළු තුවාල ලැබූ අතර බේරුනේ ජීවිත අනතුරකින් තොරවය.

 

මීරිගම රෝහලට රැගෙන ගිය තුවාලකරුවන් ජාතික රෝහලට මාරු කළේය. සතීෂා සහ ඇයගේ සොහොයුරා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර සඳහා යොමු කෙරුණි. දැඩි සත්කාර ඒකකයේ දින 5ක් ප්‍රතිකාර ලබමින් සිටියදී සතීෂාගේ සොහොයුරා මුලින් ජීවිතය හැර ගියේය. දින 8කින් සතීෂාත් සමුගත්තාය.

views

761 Views

Comments

arrow-up