“හස්බන්ට එන්න නිවාඩු නෑලු‍‍, අයියේ ඔයා එනවද?” - මෝඩයාගේ දිනයේ ඇසුණු හිතාගන්නවත් බැරි වෙනස්ම කතාව
විදේශගත ඔබට
Latest_News
calendar
APR
05

“හස්බන්ට එන්න නිවාඩු නෑලු‍‍, අයියේ ඔයා එනවද?” - මෝඩයාගේ දිනයේ ඇසුණු හිතාගන්නවත් බැරි වෙනස්ම කතාව

“හස්බන්ට එන්න නිවාඩු නෑලු‍‍, අයියේ ඔයා එනවද?” - මෝඩයාගේ දිනයේ ඇසුණු හිතාගන්නවත් බැරි වෙනස්ම කතාව

මෝඩයාගේ දිනය.. මේ දවසට කවුරු වුණත් බලන්නේ තමන්ගේ ළඟම ඉන්න පිරිස රවටන්න නේ.

 

මේත් අන්න ඒ වගේ වැඩක් කරන්න ගිය කාන්තාවකට වෙච්ච දෙයක් ගැන ඇසෙන කතාවක්.. අප්‍රේල් 01 දා තම සහෝදරයා ගොනාට ඇන්දවීමට ගොස් සහෝදරිය ඇන්දුනු මේ පුවත ඇසෙන්නේ ඇතුගල්පුරවරියට අයත් අවට ගම් පෙදෙසකින්..



මව්පිය යුවළ වාසය කරන මුල් නිවස ඇතුගල අවට පිහිටා ඇති අතර, එම නිවසේ උපන් දරුවන් තිදෙනෙකි.. ඔවුන් තිදෙනාම විවාහ වී සිටින අතර ඔවුනට ද දරුවෝ සිටින අතර, බාල දියණිය විවාහ වී සිටින්නේ රජරට පුරවරයේයි...

 

ඇයගේ සැමියා ආරක්ෂක සේවයේ නිරතව සිටිනවා.. මේ නිසා ගෘහණියක වූ ඇය බාල වයස්කාර දරුවන් රැක බලාගෙන එම නිවසේ පසුවූවා... අනෙක් සොයුරිය හා වැඩිමල් සොයුරා මුල් නිවස ආසන්නයේ වෙනම පදිංචිව වාසය කරනවා..



වෙන්ව සිටියත් පවුලේ සොයුරු බැඳියාව දුරස් වී නැහැ.. අප්‍රේල් 01 දා උදේම රජරට පුරවරයේ පදිංචිව සිටින බඩපිස්සිය ගෙදරට දුරකතන ඇමතුමක් දුන්නා.. ඒ ඇමතුමට සම්බන්ධ වෙන කාට හෝ මෝඩයාගේ දිනයේ දී ගිනි ගෙඩියක් දීමටයි.. එලෙස ගත් දුරකතනය ඇමතුවේ අවට නිවසක සිටින ඇයගේ වැඩිමල් සහෝදරයායි..



"අයියේ, අපේ මහත්තයාගේ අම්මාට ගොඩක් අමාරුයි මම අම්මා ගාව අනුරාධපුර රෝහලේ දැඩි සත්කාරයේ ඉන්නේ. පුළුවන් නම් ගෙදර පොඩි වුන්ට මොකද කියලා ඇවිත් බලන්න. මහත්තයාට එන්නත් නිවාඩු නෑලු‍" ඇය ඉල්ලීමක් කළා...

 

"අනේ නංගි, මං කොහොම එන්නද අපෙත් තාත්තාට ඊයේ (31) රෑ අමාරු වුණා. සුවසැරිය ගිලන් රථයෙන් ගෙනැත් තමයි තාත්තා රෝහලට දැම්මේ තාත්තටත් හාට් එකක් වාගේ තමයි අනූ නවයෙන් ජීවිතය බේරුණා කියලා දොස්තරලා කීවා තාත්තාට කිසිම සිහියක් නෑ මම තමයි තාත්තා ගාව ඉන්නේ" ඔහුත් කීවා..



කාලයේ හෝරා කීපයක් ගත වෙද්දී රජරට සිටි ඇය කුරුණෑගල රෝහල කරා පැමිණියා.. රෝගීන් බලන වේලාව එන තෙක් පිටත රැඳී සිටි ඇය සොයුරාට ඇමතුමක් ගත්තා...
 

 

“හෙලෝ දුවේ, අයියා ටවුමට ගියා.. ඇයි මොකද කරදරයක් ද” තාත්තා පිළිතුරු දුන්නේ ය. දියණිය අන්ද මන්ද වූවා.. මරණාසන්නව යැයි කියූ පියා නිරෝගී සුවයෙන්.. ඇයට වැටහුණා..

 


“නෑ නිකම් ගත්තේ, තාත්තා හොඳින් ද” ඇයත් ඇසුවා... “ඔව් දුවේ මම හොදින්” තාත්තා පිළිතුරු දුන්නේ..

 


සංවාදය විසන්ධි කළ ඇය “මෝඩයාගේ දිනයේ දි අයියා මට්ටු කරන්න ගිය මට හොඳ තුරුම්බුවක් අයියා දී ඇති බව” වටහා ගත්තා... ඇය මුල් නිවස ඉසව්වටම පැමිණ සිටියත්, වෙච්ච ලැජ්ජාව අකාමකා දමන්නට ඇය එහි නොගොස් කුරුණෑගල රෝහලේ සිට රජරට පිහිටි ඇගේ නිවහන කරා පියමැන්නේ “නුඹ නාඩන් නුඹට ඔව්ව හොඳ පාඩම්” යනුවෙන් තමාටම කියා ගනිමිනි ලු‍..

views

321 Views

Comments

arrow-up