“විදුලි සැර වැදුනෙ වැරදීමකින්....” - පාලිත තෙවරප්පෙරුම මහතාගේ මරණය ගැන ඥාති පුත්‍රයෙක් කියූ කතාව
විදේශගත ඔබට
Latest_News
calendar
APR
17

“විදුලි සැර වැදුනෙ වැරදීමකින්....” - පාලිත තෙවරප්පෙරුම මහතාගේ මරණය ගැන ඥාති පුත්‍රයෙක් කියූ කතාව

“විදුලි සැර වැදුනෙ වැරදීමකින්....” - පාලිත තෙවරප්පෙරුම මහතාගේ මරණය ගැන ඥාති පුත්‍රයෙක් කියූ කතාව

පාලිත තෙවරප්පෙරුම මහතාගේ මරණය නිවසේදී සිදුවූ විදුලි පරිපත සවිකිරීමකදී සිදුවූ බවට මුල් වාර්තාවල සදහන්වූ නමුත් මේ වනවිට වාර්තාවන්නේ ඔහුට අයත් පොල්වත්තකදී වැරදීමකින් සිදුවූ විදුලි වයර් පෑගීමකින් මෙම අනතුර සිදුව ඔහු මරණයට පත්වූ බවය.

 

මතුගම, යටදොලවත්ත ප්‍රදේශයේ පිහිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට අයත් පොල් වත්තක දී සිදුවූ අනතුරකින් ඔහු ජිවිතක්ෂයට පත්වී ඇති බව හෙළිව තිබේ.

 

මරණය සිදුවූ ආකාරය ගැන ඔහුගේ වැඩිමහල් සහෝදරයාගේ පුත්‍රයෙකු වන අරුන් තෙවරප්පෙරුම නාගොඩ රෝහල අසළදී මාධ්‍ය වෙත සිද්ධිය පැහැදිලි කළේ මෙලෙසින් ය.

 

"බාප්පගේ පුද්ගලික වත්තේ පොහොර දමමින් වැඩ කර කර හිටියේ. ඒ වත්තේ ආලෝකය සඳහා තැනින් තැනට විදුලිය ලබාගෙන තිබෙනවා. නොදැනුවත්වම බිම තිබුණු එකක් පෑගිලා විදුලි සැර වැදිලා වැටිලා තිබෙනවා.එතන හිටපු සේවකයෝ ඔහුව රෝහලට රැගෙන ගිහින් තිබුණා. දුරත් එක්ක රෝහලට ගේන්න විනාඩි 40ක් විතර ගියා."  

 

රෝහලට ඇතුළත් කරන විටත් අසාධ්‍ය තත්වයේ පසුවූ තෙවරප්පෙරුම මහතා පසුව මියගියේය.
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ක්‍රියාත්මක වන බවත් එය නිමවූ පසු විස්තර කිව හැකි බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා තිබේ.

views

1337 Views

Comments

arrow-up