මව් කිරි දන්දී ලෝක වාර්තාවක් තැබූ දෙදරු මව
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
19

මව් කිරි දන්දී ලෝක වාර්තාවක් තැබූ දෙදරු මව

මව් කිරි දන්දී ලෝක වාර්තාවක් තැබූ දෙදරු මව

එළිසබෙත් ඇන්ඩර්සන් සියේරා නම් ඇමෙරිකානු ජාතික දෙදරු මවක් තම මව් කිරි පරිත්‍යාග කරමින් ලෝක වාර්තාවක් පිහිටුවා තිබෙනවා.


එළිසබෙත් විසින් වසර 3ක කාලයක් තුළ මව් කිරි ලීටර් 159,968 ක් පරිත්‍යාග කරමින් මෙම ලෝක වාර්තාව පිහිටුවීමට සමත් වී තිබේ.


ඇය විසින් 2015 පෙබරවාරි 20 සිට 2018 ජූනි 20 දක්වා මව් කිරි ලීටර් 159968 ක ප්‍රමාණයක් පරිත්‍යාග කර ඇත.


තමන් මේ දක්වා පසුගිය වසර නවයක කාලය තුළ මවු කිරි අවුන්ස 350000 ක ප්‍රමාණයක් පරිත්‍යාග කර තිබෙන බවත් එම මව් කිරි නොමේරු ළදරුවන් පෝෂණය කරමින් ජීවිත දහස් ගණනක් බේරාගැනීමට සමත් වූ බවත් එළිසබෙත් ප්‍රකාශ කර තිබේ.


තමගේ සිරුරේ ප්‍රෝලැක්ටින් හෝමෝනය වැඩි වශයෙන් නිපදවෙන නිසා සෑම විනාඩි කිහිපයකට වරක් තම සිරුරේ මව් කිරි නිපදවෙන බවත් ඇය පවසනවා.

views

308 Views

Comments

arrow-up