දකුණු ඉන්දීය සිනමාවට වරම් දිනාගත් මිෂෙල් දිල්හාරා ගැන ඇහෙන කතාව...

දක්ෂතම සහ ජනප්‍රියම රංගන ශිල්පිනියන්ගේ ලැයිස්තුවේ ඉහළින්ම වැජඹෙන තාරකාවක් වන මිෂෙල් දිල්හාරා කියන්නෙ නිතර කතාබහට ලක්වන රංගන ශිල්පිනියක්
අනවශ්‍ය කලබලයකින් තොරව හිමින් ගමනක් යන ඈ මෙතෙක් රඟපෑ සියලු නිර්මාණ ඔස්සේ කතාබහට ලක්වන රංගන ශිල්පිනියක් වීමට තරම්, වාසනාවන්ත වූ බව නොරහසක්.
මිෂෙල් ගැන මේ කතාබහට හේතු වුණේ නුදුරේදීම අපිට ඇයව ''දමිළ සිනමාව ඔස්සේ දැකගන්න ලැබීමට නියමිතය'' යන සුබ ආරංචිය ඔබට අරන් එන්න.
චිත්‍රපටයේ නම ''අධිරන්'' (Adhiran)
එහි නිල පූර්ව ප්‍රචාරක පටය පසුගිය මාර්තු 22 වැනිදා එළිදැක්වුණා.
විශේෂම කාරණය නම් පළමු දමිළ සිනමා පටයෙන්ම ඇයට ප්‍රධාන චරිතයක් ලැබීම.
ඒ අනුව සුදර්ශන් රවීන්ද්‍රන් (Sudharshan Raveendran) සහ මිෂෙල් දිල්හාරා විසින් චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරනු ඇති.
තිනේෂ් කනගරාජ්ගේ අධ්‍යක්ෂණයක් වන අධිරන්, මිෂෙල්ගේ පළමු දමිළ සිනමා සිත්තමයි.
තවත් විශේෂත්වයක් නම්, චිත්‍රපටය සම්පූර්ණයෙන්ම රූගත කළේ ලංකාවේ වීම.
චිත්‍රපටය මුලින්ම ප්‍රදර්ශනය වෙන්නේ චෙන්නායිවල බවයි කියවෙන්නෙ.
ඒ වගේම ලංකාවේත් එය තිරගත වීමට නියමිත බව සදහන්.
112 Views
Comments