පෙම්වතාගේ මිත්තණියගේ සුවදුක් බැලීමට ගිය තරුණියට අත්වුණු ඉරණම

කළුතර, පනාපිටිය ප්‍රදේශයේ නිවසක තාප්පයක් කඩාවැටීමෙන් ඊට යටවී තරුණියක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
තම පෙම්වතාගේ මිත්තණියගේ සුවදුක් බැලීමට ගොස් සිටියදී ඇය මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණදී තිබුණි.
වාද්දුව මොරොන්තුඩුව ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි ප්‍රසාදිනී ප්‍රියංගිකා සිය පෙම්වතාගේ මිත්තණියගේ සුවදුක් බැලීමට කළුතර පනාපිටිය ප්‍රදේශයේ පිහිටි මිත්තණියගේ නිවසට ගොස් තිබුණේ ඊයේ පස්වරුවේය.
ඒ සිය පෙම්වතා ද සමගින්ය.
පෙම්වතා, නිවසේ ඇති කරන එළුවන්ට ආහාර ලබාදීම සඳහා නිවස පිටුපසට ගොස් ඇති අතර ප්‍රියංගිකා ද එම මොහොතේ නිවස පිටුපස තාප්පය අසල සිට තිබේ.
පසුව එක්වරම තාප්පයේ කොටසක් කඩාවැටී ඇති අතර ප්‍රියංගිකා ඊට යටවී තිබුණි.
නිවැසියන් කඩිනමින් ඇය ව රෝහල් ගත කළත් ඒ වනවිටත් ප්‍රියංගිකා ජීවිතය හැරගොස් තිබුණි.
301 Views
Comments