අනුරාධපුර සිද්දියේ දෙවැනි දිනයටත් වෛද්‍යවරිය පෙරට්ටුවට නෑ - සැකකරු ඉබේම නිදහස් වෙයිද?

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියකට ලිංගික හිංසනය සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
අදාළ නඩුව අද (24) කැඳවූ අවස්ථාවේ එම සැකකරු ලබන 28 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක ජයසූරිය මහතා නියෝග කර තිබෙයි.
සැකකරු අද දින හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට තිබුණ ද ඒ සඳහා සිද්ධියට මුහුණ දුන් වෛද්‍යවරිය සහභාගී නොවීම හේතුවෙන් එම පෙරට්ටුව නොපැවැත්වූ බව සඳහන්වේ.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක ඛරපතළ ලෙස දූෂණය කළැයි කියන සිද්ධියේ සැකකරු හඳුනා ගැනීම සඳහා පැවැත්වීමට නියමිතව තිබූ පළමු පෙරෙට්ටුව පසුගිය 17 දා පැවැත්වූ අවස්ථාවේ ඒ සඳහා පැමිණිලිකාර වෛද්‍යවරිය නොපැමිණිම නිසා හඳුනා ගැනීමේ පෙරට්ටුව අද (24) ට කල්තැබීමට මහේස්ත්‍රාන්වරයා නියම කර තිබූ අතර පැමිණිලිකාර වෛද්‍යවරිය හඳුනාගැනීමේ පෙරෙට්ටුව සඳහා එදින අධිකරණයට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මහේස්ත්‍රාත්වරයා අනුරාධපුර මූලස්ථාන පොලිසියට නියෝග කර තිබුණි.
නමුත් වෛද්‍යවරිය නැවත නොපැමිණි නිසා සැකකරුට දිගටම බන්ධනාගාර ගතව සිටින්නට සිදුව ඇත.
සැකකාර හිටපු යුද හමුදා සෙබළා වෙනුවෙන් කිසිදු නීතිඥවරයකු පෙනී සිටියේ නැත. තවත් දින 04 කින් වෛද්‍යවරිය පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙම නඩු විභාගය පදනම් වන්නේ වෛද්‍යවරිය පොලිසියට සිදු කළ පැමිණිල්ලක් මත වන අතර දිගින් දිගටම පැමිණිල්ල අධිකරණය මගහරින්නේ නම් සැකකරු ඉබේම නිදහස් වීමේ ප්‍රවණතාවක් පවතී.
496 Views
Comments