මාතලේ හෙදියන්ට අමුතු රෝගයක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
19

මාතලේ හෙදියන්ට අමුතු රෝගයක්

මාතලේ හෙදියන්ට අමුතු රෝගයක්

උග්‍ර හෙද හිඟය නිසා මාතලේ දිස්ත්‍රික් මහ රෝහලේ හෙදියන් සිය ජීවිත හානි කර ගැනීමේ අවදානමට පත්ව තිබෙන බව මාතලේ දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ දී අනාවරණය විය. රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සුසන්ත ප්‍රනාන්දු මහතා එහිදී අවධාරණය කළේ දරු පවුලේ වගකීම් අතහැර රාජකාරියට කැපවීම සිය ජීවිත හානි කර ගැනීමට බලපා ඇති බව ඔවුන්ගේ වාචික දුක්ගැනවිලිවලට අනුව ප්‍රකාශ කෙරෙන බවයි.

පවතින කාර්ය මණ්ඩල හිඟයෙන් ඇතැම් ශ්‍රේණිවල නිලධාරීන්/නිලධාරිනීන්ට පැය 18ක් සේවය කිරීමට සිදුව තිබෙන බවත් දරුවන්ට සිය පවුල සමග පැය 06 ක් ගත කිරීමට පවා නොලැබෙන අවස්ථා තිබෙන බවත් පැවසූ රෝහල් අධ්‍යක්ෂවරයා 2017 වසරේ අනුමත කාර්ය මණ්ඩලය වර්තමානයට ගැලපෙන ලෙස සංශෝධනය කිරීමට කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව අනුමැතිය ලබාදීම අවස්ථා ගණනාවක දී ප්‍රතික්‍ෂේප කිරීම කාර්ය මණ්ඩල හිඟය උග්‍රවීමට බලපා තිබෙන බව ද කීවේය.

මධ්‍යම පළාත් සභාව යටතේ පාලනය කළ මාතලේ දිස්ත්‍රික් මහ රෝහල මධ්‍යම රජයට පවරා ගෙන ඇත. වාට්ටු සංකීර්ණය ඇඳන් 850කි. 713ක හෙද කාර්ය මණ්ඩලයක් අවශ්‍ය වන අතර 430 හිඟයක් පවතියි. 345ක කනිෂ්ඨ කාර්ය මණ්ඩලයක් අවශ්‍ය අතර 134ක හිඟයක් පවතියි. අනුමත වෛද්‍ය කාර්ය මණ්ඩලය 280කි. 131 ක හිඟයක් පවතියි.

පවතින සේවක හිඟය පිළිබඳව ජනාධිපතිවරයා, සෞඛ්‍ය ඇමැතිවරයා ඇතුළු වගකිවයුතු බලධාරීන් දැනුවත් කර වහාම පිළියම් ලබා ගැනීමට කමිටුව තීරණය කළහ.

views

124 Views

Comments

arrow-up