මිත්‍යා විශ්වාසයක් නිසා කරගත් ආනන්තරිය පාපකර්මයක් ගැන ඇහෙන හද සසල වන කතාව

මිථ්‍යා විශ්වාස නිසා මව් සෙනෙහසට නිගා දුන් පිරිසක් පිළිබද පුවතක් මොණරාගල දඹගල්ල ප්‍රදේශයෙන් වාර්තා වනවා.
අවාසනාවකට දරුවන් 06 දෙනෙකුගේ මවක් මෙහිදී ජීවිතයෙන් වන්දි ගෙවා තිබුණා.
මෙම සිද්ධිය පිළීබදව තොරතුරු අණාවරනය වන්නේ, 55 හැවිරිදි සය දරු මවක් පහරදී පුළුස්සා ඝාතනය කර ඇති බවට පොලිසියට ලැබෙන තොරතුරක් මතයි.
මියගිය කාන්තාවට දියණියන් සිව් දෙනෙකු සහ පිරිමි දරුවන් දෙදෙනෙකු සිටිනවා.
සැමියා කලකට පෙර මියගොස් ඇති අතර, ඔහු වරින්වර මෙම මවට ආරූඨ වන බවට වන විශ්වාසයක් දරුවන් අතර පැවතුණා.
ඒ හේතුවෙන් පවුලේ ආරවුල් ද හටගත් බවයි වාර්තා වන්නේ.
මෙම මවගේ එක් පුතෙකුගේ බිරිදට දරුඵල නොමැතිව සිට ඇති අතර, ප්‍රතිකාර සිදු කළත් පලක් නොවන නිසා ඔවුන් කට්ටඩියෙකු සොයා ගොස් තිබුණා.
පසුව පුතු සැකකර ඇත්තේ ගැටළු සියල්ලට හේතුව තම මවට ආරූඪ වන මියගිය පියා බවයි.
එම විශ්වාසයෙන් පියා මවගේ සිරුරෙන් ඉවත් කිරීමේ අරමුණින් ඔහු පසුව කටයුතු කරන අතර, ඒ සදහා ආනමඩුවේ සිටින තම සහෝදරියක සහ ඇයගේ සැමියා ද නිවසට ගෙන්වා ගෙන තිබෙනවා.
පසුව නිවස තුළ සංවිධාන කළ යාතු කර්මයට මව ඇතුලු 06 දෙනෙකු සහභාගී වී සිටියා.
එම අවස්ථාවේ නිවසේ විදුලි බල්බ පුපුරා ගොස් ඇති අතර, මියගිය පියා විසින් එය සිදුකරන්නට ඇති බවටයි පුතු සැකකර ඇත්තේ.
ඒ අනුව ඔහු තම මස්සිනාද සමග එක්ව මව බිම දමා අත් පා ගැට ගසා උදැල්ලකින් සහ මිටියකින් පහර දී නිවසෙන් පිටතත රැගෙනගොස් ගිනිගොඩකට දමා පුළුස්සා තිබෙනවා.
පසුව පොලිසියට මෙම මරණය සැඟවීමේ අරමුණින් පිලිස්සෙමින් සිටි මවගේ සිරුර නැවතත් නිවසට රැගෙන විත් තුවාල සෝදා ඇත්තේ මරණය විදුලි සැර වැදීමකින් සිදූවූවක් බවට හැඟවීමටයි.
පොලිසිය පැමිණෙන විට භූත බලවේගයකට ගොදුරුවූ පිරිසක් ලෙස හැසිරෙන ලෙස සැකකාර පුතු නිවසේ සිටි පිරිසට ප්‍රකාශ කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් මියගිය කාන්තාවගේ 35 හැවිරිදි පුත්‍රයා, 30 හැවිරිදි දියණිය සහ 34 හැවිරිදි ලේලිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ පිළිබද තොරතුරු අනාවරණය කර ඇත්තේ අත්අඩංගුවට ගත් දියණියගේ සැමියා විසින්.
මියගිය මවගේ මරණ පරීක්ෂණය සිදුකර ඇති අතර, එහිදී ඇයගේ සිරුරේ තුවාල 19 ක් සහ පිලිස්සුම් තුවාල තිබී ඇති බවත් මරණය අභ්‍යන්තර රුධිර වහනයකින් සිදුව ඇති බවත් හෙලිවී තිබෙනවා.
232 Views
Comments