ඒ වගේ සරාගී රූපයකට වසඟ නොවන්නේ කවුද? - ගෙදරට ආ සූරූපිණිය ගෙට ගත් ඔහුට අවසානයේ සිදුවුණු දේ

මායම්වලට ඔහු හසු වුණේ කිසිවක් සිතාගන්නවත් බැරි තරම් සුළු මොහොතකින් වීම විශේෂත්වයක්..
ඒත් සියල්ල වැටහෙන විට වෙන්න ඕන දේවල් සියල්ලම වෙලා තිබුණා.. මොකක් ගැනද මේ කතාව.. ආගන්තුක නෝනා කෙනෙක් නිසා මහත්තයාට එක්වරම උන්හිටි තැන් නැති වෙලා.. ඇත්තටම එතන සිදුවුණේ මොකක්ද..?
සමාගමක භාණ්ඩ කිහිපයක් හඳුන්වාදීමට පැමිණි තරුණ නෝනා නිවස තුළට වද්දාගත් මහත්මයකුට ජීවිතයේ අමතක නොවන පාඩමක් ඉගෙන ගැනීමට සිදුවූ අපූරු කතාවක් ගැනයි මේ අහන්න ලැබෙන්නේ.. ඒ ගාල්ල පැත්තෙන්..
එදා උදේ නිවසේ සිටියේ ඔහු පමණයි.. භාර්යාව රැකියාවට ගොස් තිබූ අතර, දරු දෙදෙනා පාසල් ගොස් තිබුණා.. ඔහු රැකියාවට නොගොස් සිටියේ නිවසේ අවශ්‍යතාවකටයි.. එදා උදේම ඔහුගේ නිවසේ දොරට තට්ටු කළේ එකවර දුටු විට නෙත් පැහැර ගන්න සුරූපී කාන්තාවක්.. සිය භාර්යාව සමග සංසදනය කරන විට ඇය දෙවඟනක් වගේ ලස්සන කාන්තාවක්.. තමා එක්තරා සමාගමක නියෝජිතවරියක බව කියූ ඇය අතේ තිබුණේ භාණ්ඩ වර්ග කිහිපයක් පමණයි...
ඇය පැමිණියේ සිය සමාගමේ භාණ්ඩ වර්ග කිහිපයක් හඳුන්වාදීමට බවද පැවසුවා... ඔහු බැලුවේ ඇයගේ අතේ තියෙන භාණ්ඩ නොව ඇයගේ වත දිහායි.. මහත්තයාට ඇය සිය සමාගමේ භාණ්ඩ ගැන හඳුන්වා දුන්නේ කඩා හැලෙන දියඇල්ලකින් වතුර ගලන්නාක් මෙන් මිහිරි වදන් වලින්.. මහත්තයා ඇගේ වතට පමණක් නොව කතාවට ද එකසේ වශී වුණා..
මහත්තයාත් ඇය සමග දැන් හරි හරියට කදේය.. ආගිය විස්තර මෙන්ම ඔවුන් දෙදෙනාගේ පෞද්ගලික ජීවිතයද දෙදෙනා අතර හුවමාරු වුණේ අන්න ඒ අතරයි... මහත්තයා නිවස තුළට ගියේ ඇයට බීමට තේ එකක් රැගෙන ඒමටයි...
තමා තේ වත් කර ගෙන එන තෙක් ඇයට නිවස තුළට වාඩිවී සිටීමට ආරාධනා කිරීමට තරම් මේ මහත්තයා කාරුණික වුණා...
තේ එකක් හදාගෙන ඒමට ඔහුට කාලයක් ගතවුණා...
මහත්තයා තේ එක හදාගෙන එන විට මේ නෝනා අන්තරස්දානවී තිබුණා.. සොයා බැලුවත් ඇය ගිය තැනක් සොයා ගැනීමට ද නොහැකිවුණා... අතට ආ කිරිල්ලිය අල්ලා ගැනීමට තරම්වත් තමා වාසනාවන්ත නොවූ බව සිතමින් ඔහු දුක් වුණා..
නිවාඩු දැමූ කාරණාවට යන්න මහත්තයා සූදානම් වුණා... සාලයේ මේසයේ තිබූ මුදල් පසුම්බිය සෙව්වත් සොයා ගැනීමට නොහැකි වුණා.. ඔහුට එවිට සිහියට ආවේ උදේ නිවසට ආ සිරියාවන්ත නෝනාලු..
උපුටාගැනීමක්
205 Views
Comments