අරගලයට ගහන්න ගිහින් ගුටි කාලා, බේරෙන් නාලා ගෙදර එද්දි, බිරිඳ වෙන කෙනෙක් එක්ක හඳපානේ ගිහින්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
15

අරගලයට ගහන්න ගිහින් ගුටි කාලා, බේරෙන් නාලා ගෙදර එද්දි, බිරිඳ වෙන කෙනෙක් එක්ක හඳපානේ ගිහින්

අරගලයට ගහන්න ගිහින් ගුටි කාලා, බේරෙන් නාලා ගෙදර එද්දි, බිරිඳ වෙන කෙනෙක් එක්ක හඳපානේ ගිහින්

පසුගිය දින ගෝල්ෆෙස් අරගලයට එල්ල වුණු අමානුෂික ප්‍රහාරය තවමත් කිසිවෙකුගේ මතකයෙන් ඈත්වී නැහැ.

 

එදා ගෝල්ෆෙස් අරගලයේදී තරුණ තරුණියන්ට එළවා එළවා පහර දුන් පිරිසට දිට්ඨධම්මවේදනීය කර්මය පඩිසන් දීමට පැය විසි හතරක්වත් ගත වුයේ නැහැ.

 

ඒ අතරතුර පිරිසක් බේරේ වැවේ ස්නානය කරමින් ඉන්න අයුරු දැක්වෙන වීඩියෝත් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා.


බේරේ වැවේ නෑවා මදිවට තමන්ගේ පවුල් ජීවිතයත් අඩාල කරගත්ත පුද්ගලයෙක් ගැන අවාසනාවන්ත පුවතක් අපිට වාර්තා වුණේ ගාල්ල ප්‍රදේශයෙන්.


 දින තුන හතරකට පස්සෙ ගමට ගිය මේ කියන කතා නායකතුමාට තමන්ගේ බිරින්ඳෑ අතුරුදහන් වුණා කියලා දැනගන්න ලැබෙනවා.

 

”‍කෝ ඇත්තටම මගේ ගෑනි? කොහෙද ගියේ?”‍

 

ඉතින් අන්තිමට තමන්ගේ බිරිඳ ගැන ඔහුට අහන්න ලැබෙන්නෙ හදවත කැඩිලා විසිරිලා යන විදිහේ ආරංචියක්.

 

”‍එයා ගියා වෙන කෙනෙක් එක්ක”‍

 

”‍ඒ කියන්නෙ පැනලා ගියා?”‍

 

ඔව්, හොයලා බලද්දි කතාව ඇත්ත.

 

මනුස්සයාට මේක කියන්න දෙතුන් පාරක් කෝල් එහෙමත් අරගෙනලූ යාලු‍වෝ, හැබැයි බේරේ වැවේ නාන අතරේ කොහොම දුරකතනය අතට ගන්නද?

 

අන්තිමට ගුටි කාලා, බේරේ වැවේ නෑවා මදිවට, තමන්ගේ බිරිඳවත් තවත් කෙනෙකුට දෙන්න වෙලා.

views

809 Views

Comments

arrow-up