“මගෙ උන් නැතිව වෙනවා ජීවත් වෙන්න” - මධුමාදව අරවින්ද ලංකාවට සමුදෙයි ?? (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
07

“මගෙ උන් නැතිව වෙනවා ජීවත් වෙන්න” - මධුමාදව අරවින්ද ලංකාවට සමුදෙයි ?? (PHOTOS)

“මගෙ උන් නැතිව වෙනවා ජීවත් වෙන්න” - මධුමාදව අරවින්ද ලංකාවට සමුදෙයි ?? (PHOTOS)

90 දශකයේ ප්‍රසංග වේදිකාවේ වැඩ පෙන්වපු මධුමාදව අරවින්ද කියන්නෙ අදටත් බොහෝමයක් අයගෙ හදවත්වල උඩින්ම ඉන්න සිහින කුමාරයෙක්.

 

ඔහුගේ ගීත ඒ තරමට අපේ හදවත්වලට ළඟයි.

 

යම් කාලයක දේශපාලනමය කතා එක්ක ඔහු ගැන විවිධ රාවයන් පැතිරුණත් 'මධුමාදව අරවින්ද' කියන කලාකරුවාට පෙම් කළවුන්ගේ හදවත්වල ඔහුට වෙන්වුණු ඉඩ හැමදාම ඒ විදියට ම තිබුණා, වෙනසක් නොවීම.

 

ඔහු සමාජ මාධ්‍ය එක්ක නිතර සක්‍රීය චරිතයක්නෙ. ඒ නිසාම ඔහුගේ සටහන්වලින් සහ ඡායාරූපවලින් මධුමාදව - එරන්දි ආදර කතාවත් කාටත් සමීප වුණා කිව්වොත් නිවැරදියි.

 

සිය ජීවිතයේ විශේෂම කාරණාවන් බෙදාගන්න වේදිකාවක් ලෙසත් ඔහු සමාජ මාධ්‍ය භාවිතා කරන අයුරු දැකිය හැකියි.

 

එලෙස මෑතක කළ පළකිරීමක් සහ ඊට ලැබී තිබුණු ප්‍රතිචාර දිහා බැලුවාම හැඟී යන්නේ, ඔහු රට හැරගොස් ඇති සෙයක් !

''මගෙ උන් නැතිව වෙනවා ජීවත් වෙන්න

මට ඇඬෙන්න එනවා දුවගෙන එන්න''

 

ඔන්න ඔහොමයි කවුරුත් ආදරේ කරන මදූ, ඔහුගේ හදගත් එරන්දිට කියලා තිබුණෙ.

 

ඒත් එක්කම ධනංජය ද සිය සහෝදරයා එක්ක ඉන්න ආදරණීය ඡායාරූපයක් සමාජ මාධ්‍ය වෙත එක්කාසු කර තිබුණේ,

 

''කටුනායකින් සමුගන්නේ ඉර පමණක් නොව...'' යන හිසින් යුතුව.

 

කොහොම නමුත් මධුමාදවගේ ගමන පදිංචියට ම ගත් තීරණයක් ද කියන එක ඔහුට ආදරේ කරන කාටත් ප්‍රශ්නයක් වෙලා.

කතාව මුලම අපි කිව්වා වගේ මධුමාදව අරවින්ද කියන්නෙ සමාජ මාධ්‍ය එක්ක නිතර සක්‍රීය චරිතයක් වන නිසාම, ඔය ප්‍රශ්න ඔක්කෝටමත් කාටත් ඉක්කමනට ම උත්තර ලැබේවි.

 

 

 

 

views

2667 Views

Comments

arrow-up