මහවැලියේ ගිලෙමින් සිටි තරුණියට නැවත පණදුන් පොලිස් වීරයාගේ කතාව
විදේශගත ඔබට
Latest_News
calendar
APR
17

මහවැලියේ ගිලෙමින් සිටි තරුණියට නැවත පණදුන් පොලිස් වීරයාගේ කතාව

මහවැලියේ ගිලෙමින් සිටි තරුණියට නැවත පණදුන් පොලිස් වීරයාගේ කතාව

මහනුවර කටුගස්තොට පාලමින් මහවැලි ගඟට පැන්න 21 හැවිරිදි තරුණියකගේ ජීවිතය බේරා දීමට දෙහිඅත්තකණ්ඩිය හේනානිගල මහවැලි ගම්මානයේ පදිංචි කටුගස්තොට පොලිසියේ රථවාහන අංශයේ සේවය කරන (අංක 103984) ඉඩමේ හේරත් මුදියන්සේලාගේ තරුෂ නිලුපුල් හේරත් (24) වීරෝදාර පොලිස් නිලධාරියා සමත් විය.

 

ඔහුගේ මෙම වීර ක්‍රියාව කටුගස්තොට පොලිසියට, පොලිස් දෙපාර්තමේන්තුවට මෙන්ම ඔහුගේ මවට පියාට ද ගෞරවයක් ගෙනදී තිබේ. එදා මෙදා තුර ජීවිත රැසක් බිලිගත් මහවැලි ගඟට කිසිම බියක් නැතිව පැන ඔහු මෙම වීර ක්‍රියාව කළේය. තම ජීවිතය ගැන පවා නොසිතා පාලමෙන් පැන්න ඔහු තරුණියගේ ජීවිතය බේරා ගත්තේය.

 

මහවැලියේ ගිලෙන තරුණිය ගොඩට ගෙන පොලිසියේ වීරයා බේරයි ඇයගෙ පණ ඔහු සතු සුන්දර හිනාව පොලිස් නිල ඇඳුමට ගැලැපෙන කදිම ආභරණයකි. කටුගස්තොට පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්. පී. රාජපක්ෂ, රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රණවීර යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි අවුරුදු දිනවල ජනතාවට ආරක්ෂාව සැපයීමේ රාජකාරිවල ඔහු එදින නිරතව සිට ඇත.

 

නිලුපුල් මහතා සිය අත්දැකීම මෙසේ විග්‍රහ කළේය.

 

කටුගස්තොට පොලිස් මුර කුටියේ උපපොලිස් පරීක්ෂක උදය කුමාර මහතා සමග සිටින විට වතුර තිබහ ඇතිවුණා. වතුර බොනකොට පාලමෙන් ගැහැනු ළමයෙක් පැන්නා කියලා කෑගහන හඬක් ඇසුණා. ( 89996) රාජපක්ෂයි, (104064) රවිඳුයි, මමයි පරණ පාලම පැත්තට දුවලා යනවිට ගැහැනු ළමයෙක් ගහගෙන යනවා දැක්කා. මම දෙපාරක් හිතන්නේ නැතිව බෙල්ට් එකයි සපත්තු දෙකයි ගලවලා දාලා වතුරට පැනලා පිහිනාගෙන ගොස් ඒ ළමයාගේ කොණ්ඩෙන් අල්ලා ගෙන ආවා. ඇවිත් පොලිස් සැරයන් (67117) දිනුක මහත්තයාට කතා කර ත්‍රීවිලර් රථයකින් කටුගස්තොට රෝහලට ඇය යවා එම රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කළා. පසුව වෛද්‍යවරුන් එම තරුණියගේ ජීවිතය බේරා දීමට සමත් වුණා.

 

එම තරුණියගේ ජීවිතය බේරා දීමට හැකිවීම ගැන මම සතුටු වෙනවා. තවදුරටත් අදහස් දැක්වූ තරුෂ නිලුපුල් හේරත් පොලිස් නිලධාරියා මෙසේ පැවැසීය.

 

දෙහිඅත්තකණ්ඩිය හේනානිගල විදුහලෙන් හා මැදගම විදුහලෙන් අධ්‍යාපනය හදාරා තමයි මං පොලිස් සේවයට ආවේ. මව (දීපානි අත්තනායක) තමයි ඒ අයැදුම්පත පොලිසියට යොමු කළේ. මාපාකඩවැව පොලිස් අභ්‍යාස විදුහලට බැඳී පුහුණුව අවසන් කර මහනුවර කටුගස්තොට පොලිසියේ රථවාහන අංශයට බැඳී රාජකාරි කිරීමට ලැබීම ගැන මම සතුටට පත්වෙනවා. හේනානිගල වැවේ පිහිනීම නිසා හා පොලිස් පුහුණුවේදී පිහිනීම ගැන ලබා තිබුණු විභාගයෙන් සමත් වීමෙන් ගත් දැනුම නිසා මෙම ක්‍රියාව කරන්න හැකිවූ බව මා විශ්වාස කරනවා.ප 15 වැනිදා පස්වරුවේ හේනානිගල ගම්මානයට ගොස් පොලිස් නිලධාරියාගේ මව වන දිපානි අත්තනායක මහත්මිය හමුවූ විට ඇය මෙසේ පැවැසුවාය. මගේ පුතාගේ වීර ක්‍රියාව ෆෝන් එකෙන් දැක්කාම ලොකු සතුටක් වගෙම ආඩම්බරයක් ඇතිවුණා. පොලිසියට යෑමට පුතාගේ කැමැත්තක් තිබුණේ නැහැ. අයැදුම්පත මම තැපැල් කරලා පුතා පොලිස් නිලධාරියෙක් වීම ගැන අම්මා කෙනෙක් හැටියට සතුටු වෙනවා.

views

190 Views

Comments

arrow-up