මවගේ ඇස් වසා දුව සහ බෑනා ගැසූ ගැටය අතේ මාට්ටු - අවසානයේ මව ගත් තීරණය

ඔවුන් දෙදෙනා මේ කරන්නේ මවාපෑමක් කියන එක මේ අම්මාට නම් තේරෙන්නේ නැතුව ඇති..
ඒ ඇරත් කවුද විශ්වාස කරනනේ කවුද..? ඒත් ඇයට වෙන්න තිබුණ කරදරය ගැන කලින්ම ඉඟි ලැබුණ නිසාද කොහේදෝ ඇය මෙන්න මේ වගේ දෙයක් කරන්න හිත හදාගෙන..
දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
තිදරු මවකි. දරු තිදෙනාගෙන් දෙදෙනෙකු පුතුණුවන්. අනෙකා දියණියකි. ඇය බඩ පිස්සීය. තුන් දෙනාම දීග ගොස්ය. ඔවුන්ගේම නිවෙස්වලය. අම්මා වැන්දඹු කාන්තාවකි. මේ නිසාම ඇය තනිවම වාසය කළේ මහ ගෙදරය. පුතුන් දෙදෙනා මව ගැන සොයා බැලුවෝය. මේ මව පොලියට මුදල් දී සිය ජීවිතය ගෙන ගියාය.
මේ ළගකදී ඉදන් සිය එකම දියණියගෙන් මේ අම්මාට ආවේ ලොකු ඉල්ලීමකි. ඒ මහ ගෙදර තනියම නොසිට සිය නිවසට එන ලෙසය. තමා අම්මා මලක් මෙන් බලා ගන්නා බවට මේ දුව අම්මාට පොරොන්දු වූවාය. බෑනා ද ඊට එක පයින් කැමති විය.
දුවගේ මේ පෙරෙත්ත නිසාම මේ මව දුවගේ නිවසේ නතර වීමට ගියාය. ගියපු දා සිට මේ දුව අම්මා නෑවුවේ උණු වතුරෙනි. බොන්න දුන්නේ මිලෙන් අධික රට පිටිය. කන්න දුන්නේ හොඳ හොඳ කෑම බීමය. ගමන් එක්ක ගියේ බෑනාගේ මෝටර් රථයෙනි.
මහ ගෙදර තනිවම සිට තමන් ජීවත්වූයේ නිසරු දිවියක් බවට මේ අම්මාට ඒත්තු ගියේ දුවගේ නිවසේදීය. මෙහේ සුරපුරයකි. දුවගේ නිවසේදී ඇයට ලැබෙන්නේ අමර සැපය. දුවගේ මේ සත් කාර්යන් ගැන ඇය සිටියේ ලොකු පැහැදීමකිනි.
මේ සත් කාර්යයන් මැද දුව අම්මාගෙන් අපූරු ඉල්ලීමක් කළාය. ඒ තමන්ට නිවාස ණය මුදලක් ගැනීමට මහ ගෙදර ලියා දෙන ලෙසය. අම්මා ඊට එක පයින්මය. වැඩේ කෙරුණේය. කල් යත්ම දුවගේ සැලකිලි එකින් එක අඩුවිය. නාන්න උණු වතුර තියා ඇල්වතුරවත් නොවීය. බොන්නේ කහටය. කිරි පිටි කාලයකින් තොලේ නොගෑවිනි..
රස කෑම වෙනුවට ලැබුණේ නීරස කෑමය. නිදා ගන්න ලැබුණු ඇඳ වෙනුවට ලැබුණේ පැදුරු කඩ මාල්ලකි. මේ දුව අම්මාට පල නොකියා පලා කීවාය. අම්මා මෙය තේරුම් ගත්තාය. දුවගේ අඩත්තේට්ටම්ද එන්න එන්නම වැඩිය.
දුවගේ මේ අඩු සැලකිලි මධ්‍යයේ මේ මහලු මව ගියේ එදා සිය තමා කැමැත්තෙන් දුවට මහගෙදර ලියාදීමට ගිය නීතිඥ මහතා හමුවීමටය. තමා දැන් පත්ව ඇති අසරණ තත්වය ඇය නීතිඥ මහතාට කීවාය. ඔහුගේ හදවත උණුවිය.
ප්‍රාණ භුක්තිය තියාගෙන දුවට ලියාදුන් ඉඩම නැවතත් මේ මවට ලියා දීමට නීතියේ ප්‍රතිපාදන තිබිණ. ඒ නිසාම නීතිඥ මහතා දුවව කැඳවා ඇය මහලු මවට සැලකූ කෘර තත්වය පහදාදී ඒ වෙනුවෙන් ගත හැකි නීතිමය පැත්ත අවබෝධ කරදී, මේ අම්මාගේ මහ ගෙදර දුවගෙන් නිදහස් කරගෙන ඇයටම ලබාදීමට කටයුතු කළේය.
මේ අම්මා දැන් මහ ගෙදරය. මහ ගෙදරට එන ඕනෑම කෙනකුට දුව තමා අන්දන්න ගොස් ඇය දුවව ඇන්දූ සැටි පවසනුයේ අටුවාටීකා ඇතිවය.
236 Views
Comments