මහින්ද රාජපක්ෂ රෝහලේ? - පළවූ සමාජ මාධ්‍යය වාර්තා ගැන විශේෂ අනාවරණයක්

අසනීප තත්වයක් හේතුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රෝහල්ගත කර ඇති බව ඇතැම් වෙබ් අඩවි කිහිපයක් හා සමාජ මාධ්‍ය පිටු කිහිපයක් අද උදෑසන වාර්තා කර තිබුණි.
ඒ මහතාව කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති බවත් දණහිස ආශ්‍රිත ශල්‍යකර්මයක් සඳහා රෝහල් ගත කර ඇති බවත් එම වාර්තා වල දැක්වුණි.
මෙම පරීක්ෂාවන් සඳහා අවස්ථා කිහිපයකම ඔහු රෝහලේ ප්‍රතිකාර කළ බවද වාර්තා විය.
මේ ගැන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මිලින්ද රාජපක්ෂ සමාජ මාධ්‍ය සටහනක් තබමින් පවසා ඇත්තේ සියලු කතා බොරු බවයි.
පට්ටපල් බොරුවක්. මහින්ද මහත්තයා විජේරාමෙ ගෙදර. ගොඩක් අය කෝල් කරල අහන නිසයි ෆේස්බුක් එකේ දැම්මේ. හැමෝටම තෙරුවණ් සරණයි.
යනුවෙන් ඔහු සඳහන් කර ඇත.
79 හැවිරිදි වියේ පසුවන මහින්ද රාජපක්ෂ මහතා පසුගිය කාලයේ අවස්ථා කිහිපයකදීම රෝහල්ගත කර තිබුණු නමුත් ඒ බොහෝ අවස්ථාවල ඔහු ඇතුළත්ව තිබුනේ විදේශයන්හි රෝහල් වලටය.
265 Views
Comments