“එයා හැමදාම නාන්නෙ නෑ, මට එයා එක්ක ඉන්න බැහැ” - සැමියා හැමදාම නාන්න අකමැතියි කියා විවාහ වී දින හතළිහකින් බිරිඳ දික්කසාදය ඉල්ලලා

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ අග්‍රා හි කාන්තාවක් විවාහයෙන් දින හතළිහකට පසු දික්කසාදය ඉල්ලා ඇති බවට වාර්තාවක් ඉන්ඩියා ටුඩේ හි පළ කර තිබෙනවා.
ඇය මෙලෙස දික්කසාදය ඉල්ලා ඇත්තේ, ස්වාමිපුරුෂයා නිතිපතා ස්නානය නොකරන නිසාවෙන් සනීපාරක්ෂාව පිළිබඳ ඇති ගැටළු හුවා දක්වමින් බව සඳහන්.
ඉන්දීය වාර්තා සඳහන් කරන්නේ, අදාළ පුද්ගලයා ස්නානය කරන්නේ මසකට වරක් හෝ දෙවරක් පමණක් වන බවයි.
එමෙන්ම විවාහ වී පළමු දින 40 තුළ එම පුද්ගලයා ස්නානය කර ඇත්තේ ද හය වතාවක් පමණක් බවයි වැඩිදුරටත් දැක්වෙන්නේ.
එම දින 6 ද ස්නානය කර ඇත්තේ බිරිඳ දැඩිව බල කළ නිසා බව සඳහන්.
අවසන බිරිඳ විසින් දික්කසාදය ඉල්ලා ඇති අතර සැමියා පොරොන්දුව ඇත්තේ තමන් සිය සනීපාරක්ෂාව ගැන වැඩි වශයෙන් සැලකිලිමත් වන බවයි.
නමුදු කාන්තාව ඊට ද අකමැතිව ඇති බවත් යුවළ උපදේශනය සඳහා කැඳවා ඇති බවත් වාර්තා වනවා.
239 Views
Comments