සල්මන්ගේ දියමන්ති 714ක අත්ඔරලෝසුව අන්තර්ජාලය කළඹයි
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
12

සල්මන්ගේ දියමන්ති 714ක අත්ඔරලෝසුව අන්තර්ජාලය කළඹයි

සල්මන්ගේ දියමන්ති 714ක අත්ඔරලෝසුව අන්තර්ජාලය කළඹයි

සුපිරි නළු සල්මන් ඛාන්ගේ වීඩියෝවක්, මේ වෙද්දි අන්තර්ජාලයේ සෑහෙන ප්‍රතිචාරයක් ලබමින් හුවමාරු වෙනවා.

 

සුඛෝපභෝගී ස්වර්ණාභරණ සහ ඔරලෝසු සමාගමක නිර්මාතෘ වන Jacob Arabo බෙදාගත් වීඩියෝවක් එක්කයි මේ කතාබහ පටන් ගත්තෙ.

 

අදාළ වීඩියෝවේ සල්මන්, දියමන්ති ඔබ්බවන ලද සුපිරි ඔරලෝසුවක් (Billionaire III watch) පැළඳ ඉන්නා අයුරුයි දිස්වෙන්නෙ.

 

 

මේ ඔරලෝසුව විශේෂ වෙන්නෙ, එය සුදු දියමන්ති 714කින් යුත් සුඛෝපභෝගී ඔරලෝසුවක් වන නිසාවෙන්.

 

වීඩියෝව බොහෝදෙනාගේ අවදානය දිනාගෙන තිබුණෙ 'සල්මන් පැළඳ සිටි නිසා ම ඔරලෝසුව තවත් වටිනාකමින් වැඩි බව' හුවාදක්වමින්.

 

ඒ වගේම ඔරලෝසුවට ඇති ඉල්ලුම ඉස්සරහට ඉහළ යන බවත් බොහෝ රසිකයින් අනුමාන කරලා තිබුණා.

 

ටයිම්ස් ඔෆ් ඉන්ඩියා වාර්තාවන්ට අනුව 'Billionaire III watch' හි වටිනාකම ඉන්දීය රුපියල් කෝටි 167 ක් !

 

(වෙනත් වාර්තා එය ඉන්දීය රුපියල් කෝටි 41.98 ක් ලෙස දක්වා ඇත)

 

කොහොම නමුත් තවම මෙහි නිශ්චිත මිල තහවුරු කිරීමක් ගැන නම් සඳහන් වෙන්නෙ නෑ.

 

Billionaire III, ලොව දුර්ලභ ම මැණික්වලින් සමන්විත බව සඳහන්.

 

එය වඩාත් ප්‍රකටව ඇත්තේ, ස්වර්ණාභරණ සහ කලාව යන දෙකම ඒකාබද්ධව නිම වූ නිර්මාණයක් ලෙස වීම විශේෂයි.

views

314 Views

Comments

arrow-up