පැරාලිම්පික් පිටිය ප්‍රේමණීය කළ ඔසෝලා - මැන්ඩරාඩෝනි ආදර කතාව (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
05

පැරාලිම්පික් පිටිය ප්‍රේමණීය කළ ඔසෝලා - මැන්ඩරාඩෝනි ආදර කතාව (PHOTOS)

පැරාලිම්පික් පිටිය ප්‍රේමණීය කළ ඔසෝලා - මැන්ඩරාඩෝනි ආදර කතාව (PHOTOS)

''ක්‍රීඩාව'' කියන්නෙ පදක්කම්, කුසලාන විතරක් ම නෙවෙයි.

 

ඒ බව සනාථ වෙන කතා විටින් විට අපිට අහන්න දකින්න ලැබෙනවා.

 

මේ කියන්න යන්නෙත් එවන් කතාවක්.

 

කතාවට පසුබිම් වෙන්නෙ මේ වෙද්දි කාගෙත් අවදානය යොමුව පවතින පැරිස්-පැරාලිම්පික් වේදිකාව.

 

ඉතාලි පැරාලිම්පික් කෙටි දුර ධාවන ක්‍රීඩක ඇලෙස්සැන්ඩ්‍රෝ ඔසෝලා (Alessandro Ossola) පැරාලිම්පික් පිටිය දුවන්න විතරක් නෙවෙයි, ප්‍රේමයට ඇරයුම් කරන්නත් වේදිකාවක් කරගෙන.

 

ඔසෝලා හට, තමා තරග කළ මීටර් 100 ඉසව්වෙන් ප්‍රථම ස්ථානයට පත්වෙන්න හැකියාව නොලැබුණා වුණත් ඔහු කළ ප්‍රේමණීය යෝජනාවෙන් නම් ක්‍රීඩාලෝලීන්ගේ හදවත් දිනාගන්න හැකියාව ලැබී තිබුණා.

 

ඇලෙස්සැන්ඩ්‍රෝ ඔසෝලාගේ මේ විස්මිත ආදර ඇරයුමට හිමිකම් කියූ ඇය නමින්, අරියානා මැන්ඩරාඩෝනි (Arianna Mandaradoni)

 

ඔලිම්පික් වෙබ් අඩවියට අනුව, ඔසෝලාගේ ඇරයුමින් පුදුම වුණු අරියානාගේ මුවින් පිටවෙලා තියෙන්නෙ “You’re crazy!” කියන වචන ටික.

 

පස්සෙ ඔවුනොවුන් සිප වැළඳ ගැනීම ක්‍රීඩාලෝලීන්ගේ මහත් ප්‍රතිචාරයට හේතුව තිබුණා.

 

ඒ වගේම පෙම්වතිය ගැන ඔසෝලා ආදරණීය කතාවකුත් කියලා.

 

"ඇය නිතරම මා පසුපස ඉන්නවා.

පසුගිය වසර පහ තුළ අපි එකට ම සිටි බව ඇය දිනෙන් දින මට පෙන්වා දුන්නා.

මම මා ගැන විශ්වාස කරනවාට වඩා, ඇය මා ගැන විශ්වාස කළා.''

 

 

වාර්තා වන හැටියට ඔසෝලා සිය පෙම්වතියට මේ විදියට යෝජනා කරන්න සැලසුම් හදලා තියෙන්නෙ මීට සති කිහිපයකට ඉහත පටන්.

 

36 හැවිරිදි ඔසෝලා හට 2015 වසරේදී යතුරුපැදි අනතුරකින් පාදයක් අහිමි වෙනවා. ඒ වගේම ඔහුගේ පළමු බිරිඳත් මියයනවා.

 

ඉන් පසුව ඔසෝලා - මැන්ඩරාඩෝනි ආදර කතාව පටන් අරන් තියෙන්නෙ 2019 දී.

 

views

203 Views

Comments

arrow-up