“දැන් මට වයස 59 යි, මම තනියම ජීවත් වෙන්න කැමති නැහැ” - අමීර් ඛාන් තෙවැනි විවාහයට ලෑස්තියෙන්?

සුපිරි නළු අමීර් ඛාන්, පහුගිය දවසක විවාහය ගැන කතා කරලා තිබුණා. ඒ රියා චක්‍රබෝර්ති එක්ක කළ කතාබහක් අතරතුර.
රියා ,අමීර්ගෙන් අහනවා විවාහ ජීවිතයට උපදෙස්. එතනදී ඔහු කියලා තිබුණේ, 'අසාර්ථක විවාහ දෙකකට පසු උපදෙස් දෙන අවසාන පුද්ගලයා ඔහු විය යුතු බව'
ඒ වගේම ඔහු, තමන් හිටපු භාර්යාවන් දෙන්නත් එක්ක සමීප මිතුරන් විදියට කටයුතු කරන හැටි ගැනත් විවෘතව ම කතා කරලා.
අමීර් ඛාන්ගේ පළමු විවාහය සිදුවෙන්නෙ රීනා දත්තා එක්ක. එවකට ඔහු ක්ෂේත්‍රයට අළුත්.
ඒ විවාහයෙන් අමීර්ට දරුවන් දෙන්නෙක් ඉන්නවා. ඔවුන් තමයි ජුනයිඩ් සහ ඉරා ඛාන්. කොහොම නමුත් අමීර් - රීනා 2002 දී වෙන්වෙනවා.
ඊට පස්සෙ, 2005 දී කිරන් රාඕ එක්ක අමීර් ආයෙමත් විවාහ වෙනවා.
අමීර් - කිරන් විවාහයත් 2022 දී හමාර වූ වග මෑතකදී නිවේදනය කරලා තිබුණා.
එහෙම විවාහයන් දෙදරා ගියත් රීනා සහ කිරන් දෙන්නම මිතුරියන් බවයි අමීර් නම් කියන්නෙ.
කිරන්ගේ නවතම අධ්‍යක්ෂණය වන 'Laapataa Ladies' හි නිෂ්පාදකවරයා වුණෙත් අමීර්. වෘත්තීය වශයෙන් ඔවුනොවුන් සහයෝගීවයි කටයුතු කරන්නෙ.
රියා චක්‍රබෝර්ති එක්ක කළ සංවාදයේදී අමීර්, නැවත තමන් විවාහයක් ගැන හිතනවාද කියන කාරණය ගැනත් කතා කරලා තිබුණා. ඒ විතරක් නෙවෙයි, රියා අහනවා ඇය විවාහ වෙන්න ඕනිද කියලත් !
ඒවාට අමීර් මෙන්න මෙහෙම හරි අපූරු උත්තර ටිකක් දීලා...
“මම අසාර්ථක විවාහ දෙකක් කර තියෙනවා. ඒ නිසා මගෙන් විවාහ උපදෙස් ගන්න එපා..''
“මම තනියම ජීවත් වෙන්න කැමති නැහැ, මට සහකරුවෙකු අවශ්‍යයි.
මම මගේ හිටපු භාර්යාවන් වෙන රීනා සහ කිරන් දෙදෙනාටම ඉතා සමීපයි, අපි එක පවුලක් වගේ.
ජීවිතය අනපේක්ෂිතයි. විවාහයක සාර්ථකත්වය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්...''
''මට දැන් වයස අවුරුදු 59යි. මම නැවත විවාහ වෙන්නේ කොහේද ?
නැහැ, මම එහෙම හිතන්නේ නැහැ...
මට දැන් මගේ ජීවිතයේ බොහෝ සබඳතා තියෙනවා.
මගේ දරුවොත් එක්ක සමීපව මම ඉන්නෙ....''
6060 Views
Comments