අම්බානිව දෙකට දැමූ අදානි, ඉන්දීය ධනවත් ලැයිස්තුවේ එකට - නළු ෂාරුක්ටත් සුවිශේෂී තැනක්

2024 අගෝස්තු 29 වන දින නිකුත් කරන ලද නවතම ඉන්දීය ධනවතුන්ගේ ලැයිස්තුවට (Hurun India Richlist) අනුව, ගෞතම් අදානි (Gautam Adani and family) එහි පළමු ස්ථානය හිමිකරගෙන තිබෙනවා.
ඒ, ඉන්දීය ආර්ථික භූ දර්ශනය නවතම පරිවර්තනයකට ලක් කරමින්.
එහි දෙවන ස්ථානය හිමිව ඇත්තේ, මුකේෂ් අම්බානි හටයි.
නව සංඛ්‍යා දත්තවලට අනුව වාර්තාගත බිලියනපතියන් සංඛ්‍යාවක් පෙන්නුම් කරමින්, ඉන්දියාව ධනයේ නව කේන්ද්‍රස්ථානයක් ලෙස වර්ධනය වන අන්දම පැහැදිලිව ම දක්නට ලැබේ.
ඉන්දීය වාර්තාවන් පෙන්වා දෙන්නේ මෙම ආකර්ෂණීය වර්ධන වේගය මඟින්, පසුගිය වසර පුරා දළ වශයෙන් සෑම දින පහකට වරක් නව ප්‍රකෝටිපතියෙකු බිහි වූ බවක් පෙන්නුම් කරන බවයි.
2024 ලැයිස්තුවට අනුව මුකේෂ් අම්බානි අභිබවා ගිය ගෞතම් අදානි ඉන්දීය රුපියල් කෝටි 11.6 ක (INR 1,161,800 Cr) වත්කම් පෙන්නුම් කර තිබේ.
මෙහි කැපී පෙනෙන විශේෂත්වය නම් ගෞතම් අදානි 2020 දී, ලැයිස්තුවේ සිව්වන ස්ථානයේ පසුවීමයි.
ඒ අනුව ඔහුගේ වත්කම් ප්‍රමාණය පසුගිය වසරට සාපේක්ෂව 95% ක වැඩිවීමක් පෙන්නුම් කර ඇත.
පසුගිය වසර තුළ, සියලුම අදානි සමූහ සමාගම් හි කොටස් මිලෙහි සැලකිය යුතු ඉහළ යෑමක් දක්නට ලැබේ.
උදාහරණයක් ලෙස ඉන්දීය වාර්තා පෙන්වා දෙන්නේ Adani Ports 98% ක වර්ධනයක් අත්විඳ ඇති බවයි. මීට අමතරව Adani Energy, Adani Gas, Adani Transmission, සහ Adani Power කොටස් මිලෙහි 76% ක සාමාන්‍ය වර්ධනයක් පෙන්නුම් කර ඇති බව සඳහන්.
2024 ලැයිස්තුවට අනුව දෙවන තැන පසුවන මුකේෂ් අම්බානි ඉන්දීය රුපියල් කෝටි 10.14 ක ධනයකට හිමිකම් කියයි.
ලැයිස්තුවේ සිටින ළාබාලතම ප්‍රකෝටිපතියා වන්නේ 21 හැවිරිදි කයිවල්යා වෝරා යි.
වෝරා ඩොලර් බිලියන 5ක ආරම්භක සමාගමක් වන Zepto හි සම-නිර්මාතෘ වේ.
තවත් Zepto සම-නිර්මාතෘවරයෙකු වන Aadit Palicha, වයස අවුරුදු 22 දී ලැයිස්තුවේ දෙවන ළබාලතමයාගේ තැන අත්පත් කරගෙන සිටියි.
ඉන්දීය රුපියල් කෝටි 7,300 ක ඇස්තමේන්තුගත ධනයක් සමඟින්, බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන් ද 2024 ලැයිස්තුවට ඇතුළත්ව සිටීම සුවිශේෂීය.
ඔහු සිනමාවෙන් ඔබ්බට ව්‍යාපාරික අධිරාජ්‍යයක් ගොඩනගාගෙන සිටියි.
ඔහුගේ ධන වර්ධනයන් අතර සිය නිෂ්පාදන ආයතනය වන රෙඩ් චිලීස් එන්ටර්ටේන්මන්ට් සහ ඉන්දීය ප්‍රිමියර් ලීග් හි 2024 ජයග්‍රහණය කළ කොල්කටා නයිට් රයිඩර්ස් සුවිශේෂී භූමිකාවන් ඉටු කර ඇත.
බොලිවුඩයේ අනෙකුත් පිරිස් අතර අතර නිළියක සහ ව්‍යාපාරික කාන්තාවක් වන Juhi Chawla රුපියල් කෝටි 4,600 ක වත්කමක් ද, නළු රිතික් රෝෂන් රුපියල් කෝටි 2,000 ක වත්කමක් ද පෙන්නුම් කර ඇත.
550 Views
Comments