බිරිඳගේ ආදාහනය සිදුවෙද්දී දුක දරාගනු නොහැකිව, සියල්ලන් හඩවමින් සැමියාත් අවසන් ගමන් ගියහැටි

බිරිදගේ ආදාහනය සිදු වෙමින් පවතිද්දී සැමියාගේ ළය පැලී මියගොස් තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ මුත්තයියා ධර්මලිංගම් නැමති අවුරුදු 54 ක පුද්ගලයෙකි.
ඔහුගේ බිරිද වූ එස්.ආන්නතියාචෙට්ටි නැමැත්තිය කෙටි කලක් අසනීපව සිට මියයාමෙන් පසුව ඇය සම්බන්ධයෙන් වූ ආදාහනය ඉකුත් 11 වැනිදා හින්දු පූසාරීවරයෙකු විසින් නිවසේදී සිදු කරමින් සිටියදී ස්වාමියා එක්වරම බිම ඇද වැටී ඇත.
වහාම ඔහුව පේදුරුතුඩුව රෝහලට ඇතුළත් කොට ඇතත් එහිදී ඔහු මියගොස් තිබේ.
වෛද්‍යවරුන් ප්‍රකාශ කොට ඇත්තේ එම මරණය හදිසියේ වැළදුණු දරුණු හෘදයාබාධයක් හේතුවෙන් සිදුව ඇති බවයි.
409 Views
Comments