පිළිකා රෝග විනිශ්චයෙන් පසු චාල්ස් රජු පළමු විදෙස් සංචාරය අරඹයි
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
12

පිළිකා රෝග විනිශ්චයෙන් පසු චාල්ස් රජු පළමු විදෙස් සංචාරය අරඹයි

පිළිකා රෝග විනිශ්චයෙන් පසු චාල්ස් රජු පළමු විදෙස් සංචාරය අරඹයි

චාල්ස් රජුගේ සහ කැමිලා රැජිනගේ ඉදිරි ඔස්ට්‍රේලියානු - සැමෝවා සංචාරය පිළිබඳව බකිංහැම් මාලිගය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

 

ඒ අනුව රාජකීය යුවළ ඔක්තෝබර් 18 සිකුරාදා සිට ඔක්තෝබර් 26 සෙනසුරාදා දක්වා සංචාරයේ නිරත වන බව එම නිවේදනයේ සඳහන්.

 

මෙම සංචාරය වඩාත් විශේෂ වන්නේ, එය රජු කිරුළු දැරූ පසු පොදු රාජ්‍ය මණ්ඩලීය රටවලට කෙරෙන පළමු සංචාරය සහ රජුගේ පිළිකා රෝග විනිශ්චයෙන් පසු වන පළමු සංචාරය වීම නිසාවෙනි.

 

ඒ අනුව ඊට ඔස්ට්‍රේලියානු සහ ස්වාධීන සැමෝවා රාජ්‍යයේ සංචාරයක් මෙන්ම පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට (CHOGM) සහභාගී වීම ද ඇතුළත් බව සඳහන්.

 

මීට ඉහත, ඔක්තෝබර් 21 දින සැමෝවාහිදී ආරම්භ වන CHOGM සඳහා රජුගේ සහභාගීත්වය පිළිබඳව පැවතියේ අනුමාන පමණි.

 

එවන් තත්ත්වයක රජුගේ සහභාගීත්වය තහවුරු කිරීම වඩාත් සුවිශේෂීය.

 

මෙවර සමුළුව විශේෂ වීමට තවත් කාරණාවක් නම්, එලිසබෙත් රැජිනගේ අභාවයෙන් පසු පවත්වනු ලබන පළමු පූර්ණ පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුව වීමත් එය පොදුරාජ්‍ය මණ්ඩලයේ ප්‍රධානියා ලෙස III වන චාල්ස් රජුගේ ප්‍රධානත්වයෙන් පළමු වරට පවත්වනු ලබන සමුළුව වීමත් වන නිසාවෙනි.

 

රජුගේ මෙම සංචාරය තවත් කටයුතු කිහිපයක් ම අරමුණු කරගන්නා බවත් විදෙස් වාර්තා පෙන්වා දී තිබෙනවා. ඒ අනුව 77 හැවිරිදි රජු සහ රැජින මෙලනෝමා ප්‍රතිකාර සඳහා වන වෛද්‍ය විශේෂඥයින් දෙදෙනෙකු හමුවනු ඇති බවත් සඳහන්.

 

රජු එහිදී ඔවුන්ගෙන්, මෙලනෝමා රෝගයෙන් පීඩාවට පත් වූවන්ට උපකාර කිරීමට ඔවුන් කරන කාර්යය ගැන විමසා බලනු ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

 

views

184 Views

Comments

arrow-up