විහිලුව ජීවිතයක් අරන් යයි - පිටුපසට ඇල්ලූ හුළං බටය තරුණයාට මරු කැඳවූ හැටි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
30

විහිලුව ජීවිතයක් අරන් යයි - පිටුපසට ඇල්ලූ හුළං බටය තරුණයාට මරු කැඳවූ හැටි

විහිලුව ජීවිතයක් අරන් යයි - පිටුපසට ඇල්ලූ හුළං බටය තරුණයාට මරු කැඳවූ හැටි

මාබිම ප්‍රදේශයේ තිබෙන පෞද්ගලික ආයතනයක අලුත්වැඩියා අංශයේ සේවකයකුගේ ගුද මාර්ගයට විහිළුවට හුළං බටයක් ඇල්ලීමෙන් බඩවැල් පිපිරී එම පුද්ගලයා මරුමුවට පත්වී ඇත.

 

මීට සම්බන්ධ සේවකයන් දෙදෙනකු සපුගස්කන්ද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. සිද්ධියෙන් මියගොස් ඇත්තේ එම ආයතනයේ සේවය කළ පානදුර අලුබෝමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි දේශාන් මධුශංක නමැති විසිහතර හැවිරිදි තරුණයෙකි.

 

ඉකුත් සඳුදා (25 වැනිදා) දහවල් එම ආයතනයේ සේවකයන් දෙදෙනකු විසින් විහිලුවට මියගිය සේවකයාගේ ගුද මාර්ගයට හුළං බටයක් අල්ලා තිබෙන අතර එයින් අසාධ්‍ය තත්ත්වයට පත්වූ ඔහු රාගම රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා (28) රාත්‍රියේ මියගොස් තිබේ. මියගිය සේවකයාගේ මරණ පරීක්ෂණය ඊයේ (29 වැනිදා) රාගම රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබුණේය.

 

අත්අඩංගුවට ගත් සැකකාර සේවකයන් දෙදෙනා තිස්සමහාරාමය ප්‍රදේශයේ පදිංචි දභඅට වන වියේ පසුවන්නන් වන අතර ඔවුන් මහර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරගෙන යති.

views

385 Views

Comments

arrow-up