උදාරිගේ උපන්දිනයට ලැබුණු විශේෂම සුබ පැතුම කාගෙන්ද? (PHOTOS)

උදාරි වර්ණකුලසූරිය කියන්නෙ, පුංචි තිරය වගේම රිදී තිරයත් ජයගත් රංගන ශිල්පිනියක්. 22 ඇයගේ 36 වෙනි උපන්දිනය යෙදිලා තිබුණා. ඒ නිමිත්තෙන් ඇයට ආදරණීයයන්ගෙන් කේක් කිහිපයකුත් ලැබිලා තිබුණා.
ඇය සිය උපන්දිනය සමරපු ඡායාරූප සිය ෆේස්බුක් ගිණුමට එක් කරලා තිබුණෙ "මගේ දවස විශේෂ කළාට ස්තුතියි. ගොඩක් ආදරෙයි" යනුවෙන් සටහනක් ද තබමින්.
උදාරිගේ මව විසින් "සුබ උපන්දිනයක් දෝණි" යනුවෙන් සඳහන් කළ කේක් එකක් සමග ආදරණීය සුබ පැතුම් සටහනක් ද සිය දියණිය වෙත එවා තිබුණා. එහි සඳහන් වී තිබුණේ මෙවැනි දෙයක් :-
"මං මගේ ජීවිතේටත් වඩා ආදරේ කරන කෙනෙක් මේ ලෝකෙ ඉන්නවා නම්, ඒ තමයි ඔයා. මේ අවුරුදු ගාණටම ඔයාගෙ සතුටට තමයි ම මුල්තැන දුන්නෙ, ඒක හැමදාමත් එහෙමම වේවි. මේ ආදරය අම්මාගෙන්!"
මේ අතර, උදාරි වර්ණකුලසූරිය - හේමාල් රණසිංහ ප්‍රධාන චරිත රඟන, "දේවි කුසුමාසන" සිංහල චිත්‍රපටයේ සියලුම රූපගත කිරීම් මේ වනවිට අවසන් කර තිබෙනවා.
දේවි කුසුමාසන අධ්‍යක්ෂණය කරන්නේ මහරජ ගැමුණු, අග්නිදාහය, සමනල සංධ්වනිය ඔබ වෙත ගෙනා ජයන්ත චන්ද්‍රසිරි විසිනි. මෙය Lyca Productions නිෂ්පාදනයක්.
දේවි කුසුමාසන නුදුරේදීම දිවයින පුරා සිනමාහල්වල තිරගත වීමට නියමිතයි.
2567 Views
Comments