දර්ශනී දරුවන් එක්ක යන්නම යයි - පියා ධනුෂ්කත් ඇවිත් (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
18

දර්ශනී දරුවන් එක්ක යන්නම යයි - පියා ධනුෂ්කත් ඇවිත් (PHOTOS)

දර්ශනී දරුවන් එක්ක යන්නම යයි - පියා ධනුෂ්කත් ඇවිත් (PHOTOS)

කැනඩාවේ ඔටාවා ඉතිහාසයේ දරුණුතම සමූහ ඝාතනවලින් එකක් ලෙස නම් කෙරුනු ශ්‍රී ලාංකිකයින් සය දෙනෙකුගේ මරණ සිදුවූ ඛේදවාචකයෙන් දින 12 කට පසු ඉරිදා දිනයේ සියයකට වැඩි පිරිසක් එක්වී දර්ශනී ඒකනායක හා දරුවන්ගේ අවමංගල්‍ය උත්සවය  ඔටාවාහි Infinity Convention Center හිදී පැවැත්විණි.

 

අවමංගල්‍ය උත්සවයේදී අදහස් දැක්වූ අජාන් විරධම්ම හිමි ලොව පුරා ශෝකයෙන් සිටින අයගෙන් ඉල්ලා සිටියේ බලාපොරොත්තු සුන්වීමට හෝ කෝපයට නැඹුරු නොවී එකිනෙකාට සහයෝගය දැක්වීම කෙරෙහි අවධානය යොමු කරන ලෙසයි.

 

"ඔටාවා ප්‍රදේශයේ අපි මෙම කුණාටුවට හසුව සිටිමු, නමුත් එහි බලපෑම ලොව පුරා දැනෙන බව අපි හඳුනා ගනිමු," හිමි නම පැවසීය.

 

මෙම සිදුවීමෙන් ඝාතනයට ලක්වූවන් 35 හැවිරිදි දර්ශනී ඒකනායක සහ ඇයගේ මාස දෙකේ සිට අවුරුදු හත දක්වා වයස්වල පසුවන දරුවන් සිව්දෙනා මෙන්ම පවුලේ හිතවතෙක් ද වේ.

 

පවුලේ හිතවතා වූ ගාමිණීගේ අවමංගල්‍ය කටයුතු ලංකාවේ සිදුකරනු ඇති අතර මෙම අවස්ථාවේ පැවැත්වුනේ දර්ශනී හා දරුවන් වෙනුවෙන් පැවති සැමරුමයි. මෑතක් වනතුරු රෝහලේ සිටි දර්ශනීගේ සැමියා සහ දරුවන්ගේ පියා වන ධනුෂ්ක වික්‍රමසිංහ උත්සවයට එක්ව තිබුනේ අතේ මහපැටගිලි වෙළුම් සහිතවය.

 

ඔහුගේ දෑත්වලට සහ මුහුණට තුවාල සිදුවී රෝහල් ගතවී ප්‍රතිකාර ලැබුවේය.
 


උත්සවයේදී ධනුෂ්ක හඬා වැලපෙනු දක්නට ලැබුන බව කැනඩා මාධ්‍ය වාර්තා කර තිබේ. පවුලේ සාමාජිකයන් ඔහු වට කර සැනසූ බවද සටහන්වේ.

 

අවමංගල්‍ය සංවිධායකයින් සිකුරාදා පැවසුවේ මේ සියලු කටයුතු වෙනුටෙවන් ‘ගෝ ෆන්ඩ් මී‘ අරමුදල මගින් විශාල මුදලක් රැස්වූ බවත් මහජන සහයෝගය ලබා දීම ගැන ස්තූතිවන්ත වන බවත්ය.

 

කුඩා සුදු පෙට්ටි තුනක් සහ විශාල ලී පෙට්ටි දෙකක් ඇතුළුව මිනී පෙට්ටි පහක් කාමරයේ  තිබු අතර මියගිය අයගේ ඡායාරූප පෙළට තබා තිබුණි.



ඝාතනයට ලක්වූ පවුලේ හිතවතා වන ගාමිණී අමරකෝන්ගේ බිරිඳ සහ දියණිය මෙයට ශ්‍රී ලංකාවේ සිට සම්බන්ධවූ අතර හඬපට ප්‍රචාරය විය. ගාමිණීගේ දියණියක තම මියගිය පියාට "පුදුමාකාර තාත්තා කෙනෙකු" වීම ගැන ස්තුතිය පුද කරමින් එම ඉදිරිපත් කිරීමේදී ගීතයක් ගායනා කිරීම බොහෝ දෙනෙකුගේ නෙතට කඳුළු මතුකරවීය.

 

මෙම අවස්ථාවට බෞද්ධ චාරිත්‍ර මෙන්ම විවිධ ආගම්වල දේශකයන්ගේ ආවර්ජන ද ඇතුළත් විය.



අවමංගල්‍ය උත්සවයෙන් පසු ඔටාවා නගරාධිපති මාර්ක් සට්ක්ලිෆ් වාර්තාකරුවන්ට පැවසුවේ “අපි මේ පවුල් දෙක වටා අපේ රැකවරණය දිගටම තැබිය යුතුයි. "ඔවුන්ට ඉදිරියෙන් බොහෝ දුෂ්කර දින සහ අභියෝග රාශියක් ඇත." යනුවෙනි.

 

views

402 Views

Comments

arrow-up