ගමෙන් ජැන්ඩියට ඇඳගෙන ආ මහත්තයා පාරේ හිඟාකද්දී මාට්ටු

ගමේ සිට මහත්මයෙකු සේ ඇඳ පැලඳගෙන පැමිණ නගරයේ යාචකයෙකු ලෙස හැසිරුණු පුද්ගලයෙකු තමන් කල බොරුව හසුවීම නිසා සිදුවූ කාලගෝට්ටියක් පිළිබඳ තොරතුරු නගරබද ප්රදේශයකින් වාර්තාවුණා.
ගම්බද තිදරු පියෙක් වන අප කථාවේ කථානායකයා නිවසේ සිට පැමිණෙන්නේ ඉහල නිළධාරියෙකු ලෙසයි.
මෙසේ උදේ පාන්දරම පැමිණෙන මොහු නගරයේ ඇති පාලු ස්ථානයකට ගොස් ඇඳගෙන ආ ඇඳුම් ඉවත්කොට වැරහැලි වී ගිය පරණ සරමක් හා බැනියමක් ඇඳගන්නේ ඔහු පැමිණෙන රැකියාව කිරීමටයි.
එපමණක් නොව වෙලුම් පටියකින් කකුල වෙලා ගන්නා ඔහු ඊට යටින් රටඉඳි ගෙඩියක් පොඩිකර ගබාගන්නේ ඕජස් ගලන බව පෙන්වීමටයි.
ඉන්පසු ඔහු යන්නේ නගරයේ ඇති පන්සලක්, කෝවිලක්, පල්ලියක් අසලටයි. ඒ ඒවාට පැමිණෙන සැදැහැවතුන් කිසිදු ලෝභයක් නැතිව අතදිගහැර දන්දෙන බව දන්නා නිසයි.
කෝවිලක උත්සවයක් පැවැත්වෙන අවස්ථාවක මොහු තවත් යාචකයින් දෙදෙනෙක් සමඟ තම රාජකාරියේ නිරත වී සිටිය අතර ඔහු හොඳින් දැක ඇති පුද්ගලයෙකුට මොහු ගැන සැක සිතී තවත් කිහිප දෙනෙකු සමඟ මොහු ගැන අවධානයෙන් සිටියේ සියල්ල සැකහැර දැනගැනීමටයි.
කොවිලේ උත්සවය නිමාවීමෙන් පසු තම යහලුවන් දෙදෙනාට ප්රථම කකුලද බොහොම අමාරුවෙන් අදිමින් මොහුද එතැනින් පිට වුණා.
මොහු ගැන අවධානයෙන් සිටි පුද්ගලයන්ද ඔහුට උදව් කිරීමට පසුපසින් ගියත් ඔහු ඊට කැමැත්තක් දැක්වූයේ නැහැ.
ඒ අනුව මොහු කැලෑබද ප්රදේශයකට තනිව ගිය අතර අනික් පිරිසද මොහුගැන අවධානයෙන් පසුවුණා.
ටික වේලාවක් බලාසිටි ඔවුන් කැලයේ සිට පැමිණි මහත්මයාගේ බෙල්ලෙන්ම අල්ලා ගනිමින් “කෝවිල ලඟ හිඟාකෑවේ ? කොයි දැන් මිනිහෝ තුවාලේ” යනුවෙන් කෑගැසුවේ මොහු ඔවුන් කලින් දුටු යාචකයා වීම නිසයි.
කරකියා ගතදෙයක් නොහැකිව ඔහු ලඟට පැමිණි තරුණයක්ට වඳිමින් එතනින් ලිස්සා යාමට උත්සහ කරද්දී පහර පිට පහර කිහිපයක් එල්ල වූ අතර “ අතපය හොඳට තියෙනවනේ රස්සාවක් කරන්න බැරිද, ආයෙ මේ පැත්ත පලාතෙ එන්න එපා” යැයි පවසද්දී එතන සිටි සියල්ලන්ටම වඳිමින් දිවයන්නට වූයේ යාන්තමින් පණ බේරගෙනයි.
808 Views
Comments