පූසෙක් නිසා ජීවිතයෙන් වන්දිගෙවූ තිදරු මව
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
14

පූසෙක් නිසා ජීවිතයෙන් වන්දිගෙවූ තිදරු මව

පූසෙක් නිසා ජීවිතයෙන් වන්දිගෙවූ තිදරු මව

පූසකු සපා කෑම නිසා පාදයේ ඇතිවූ තුවාලයකින් විෂබීජ ශරීරගත වීමෙන් ඇතිවූ සංකූලතා හේතුවෙන් තිදරු මවක් මියගොස් ඇති බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දී පැවති පශ්චාත් මරණ පරීක්ෂණයකදී අනාවරණය විය.

 

මියගොස් ඇත්තේ හබරාදුව ප්‍රදේශයේ පදිංචි හැත්තෑපස් හැවිරිදි වියේ පසුවන තැනැත්තියකි.

 

මියගිය තැනැත්තියගේ හදිසි මරණ පරීක්ෂණය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක මහේෂ් ධර්මරත්න මහතා විසින් පෙරේදා (12) කරාපිටිය රෝහලේ දී සිදුකරණු ලැබීය.

 

මියගිය කාන්තාව නිවසේ පඩිපෙළින් බැසීමේදී නිවසේ ඇතිකරන පූසා පෑගීම නිසා ඇයගේ පාදයක් පූසා විසින් සපා කා තිබුණි. ඇය මේ පිළිබඳ එතරම් තැකීමක් සිදුකොට නොමැති අතර පසුව ඇයට උණ වැළඳී තිබේ.

 

ඇය හබරාදුව කළුගල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කරාපිටිය රෝහලට මාරුකොට තිබුණි. කරාපිටිය රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටියදී ඇය මියගොස් ඇත.

 

පශ්චාත් මරණ පරීක්ෂණය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි ඩී. සී. ප්‍රියනාත් මහතා විසින් සිදුකරනු ලැබීය.

 

ඉදිරිපත් වූ සාක්ෂි හා වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත් මරණ පරීක්ෂකවරයා පූසකු සපා කෑමෙන් ඇතිවූ තුවාලයකින් විෂබීජ ශරීරගත වීමෙන් ඇති වූ සංකූලතා හේතුවෙන් මරණය වී ඇති බවට තීන්දු කළේය.

views

346 Views

Comments

arrow-up